Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket විජේ සේතුපතිට දකුණු ඉන්දීය දේශපාලනඥයෝ එරෙහි වෙති

විජේ සේතුපතිට දකුණු ඉන්දීය දේශපාලනඥයෝ එරෙහි වෙති

editorial - 2020 ඔක් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ හිටපු දඟ පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව සිනමා පටයකට නැඟීමට යාමේදී එහි ප්‍රධාන චරිතය රඟපෑමට එකඟ වීමෙන් ඉන්දීය සිනමා තරුවක් වන විජේ සේතුපතිට දේශපාලන විරෝධතා එල්ල වී තිබේ. එහෙත් මුත්තයියා මුරලිදරන් පවසන්නේ තමන් ක්‍රිකට් ක්‍රීඩකයකු වීමේ දුෂ්කර වෘත්තාන්තය මෙම චිත්‍රපටය මගින් එළිදරව් වන බවයි.

“චිත්‍රපටය සඳහා නිෂ්පාදන ආයතනය මා වෙත පැමිණි විට, මුලින්ම මගේ අනුමැතිය ලබා දීමට මම අකමැති වුණා. ඒත් මෙම චිත්‍රපටයෙන් මගේ දෙමව්පියන්ගේ ජීවන අරගලය, මගේ පුහුණුකරුවන්ගේ සහ ගුරුවරුන්ගේ දායකත්වය සහ මගේ ගමනේ කොටස්කාරයින් වූ සියලු දෙනා ඉස්මතු කරනු ඇතැයි මම පස්සේ කල්පනා කළා“

“මගේ පවුලේ අයගේ ආරම්භය ශ්‍රී ලංකාවේ තේ වත්තකයි.   ශ්‍රී ලංකාවේ වසර 26 ක් පුරා පැවති සිවිල් යුද්ධයෙන් වැඩිපුරම පීඩාවට පත්වූයේ කඳුකර ද්‍රවිඩ ජනතාවයි. අපේ ජීවිතය ආරම්භ වූයේ ගැටුම් කලාපයක සිටිමින්.... ‘800’ චිත්‍රපටයෙන් කතා කරන්නේ මා මේ සියලු බාධක ජයගෙන ක්‍රිකට් ක්‍රීඩාව සාර්ථක කර ගත් ආකාරය ගැනයි. ” යයිද මුරලිදරන් ඉන්දීය පුවත් පතකට පැවසීය.

දකුණු ඉන්දිය දේශපාලනඥයන්ගේ විරෝධතා තිබෙන නමුත් "800" චිත්‍රපටයේ රඟපෑමට ලැබීම තමාට ගෞරවයක් බව විජේ සේතුපති මේ මාසයේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.  800 යනුවෙන් නම්කර ඇති මුරලිදරන්ගේ ජීවිත කතාව සිනමාපටයකට නැගීමේදී එහි ප්‍රධාන භූමිකාව භාර නොගන්නා ලෙස  සිනමා නළු විජේ සේතුපතිට ඔහුගේ දකුණු ඉන්දීය ප්‍රාන්තයේ දේශපාලනඥයන්ගෙන් බලපෑම් එල්ල වී තිබේ.

ලෝකයේ වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් දවාගැනීමේ ලෝක වාර්තාව හිමිකරගෙන සිටින මුරලිදරන් දවාගත් එක්දින ජාත්‍යන්තර කඩුලු සංඛ්‍යාව  534 කි. එයද ලෝක වාර්තාවකි.  මුත්තයියා මුරලිදරන් හැරුණු විට එක්දින අන්තර්ජාතික තරග වලදී කඩුලු 500 සීමාව පසුකර ඇත්තේ පාකිස්තානු පිලේ හිටපු නායක වසිම් අක්රම් (502) පමණි.

ටෙස්ට් කඩුලු 800 සීමාවට ලඟා වූ ලොව එකම පන්දු යවන්නා මුත්තයියා මුරලිදරන් වන අතර ඒ හේතුවෙන්ම ඔහුගේ ජීවන චරිතය ඇතුළත් චිත්‍රපටය ‘800‘ ලෙසින් නම්කර තිබේ.

මුරලිදරන්ගේ ටෙස්ට් කඩුලු 800 ට ආසන්නයෙන්ම සිටින්නේ ඕස්ට්‍රේලියානු ජාතික ෂේන් වෝන් (කඩුලු 708 යි)ය.  මේ වන විට අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ ක්‍රියාකාරීව සිටින පන්දු යවන්නන් අතුරින් එංගලන්තයේ ජේම්ස් ඇන්ඩසන් (600) සහ ස්ටුවර්ට් බ්‍රෝඩ් (514) දෙදෙනා පමණක් ටෙස්ට් කඩුලු 500 කඩයිම පසුකර සිටිති.

මුරලිදරන්ගේ ජීවන වත කොයිතරම් වැදගත් වූවත් වසර 2009 දී නිමාවූ යුද්ධයේදී ශ්‍රී ලංකාවේ පැවැති සිවිල් යුද්ධයේදී මුරලිදරන් තම රටේ සෙසු ද්‍රවිඩයන් පාවා දුන් බවට ඉන්දියාවේ දෙමළ දේශපාලනඥයෝ චෝදනා කරති. සිංහල බහුතරයක් ඇති ශ්‍රී ලංකාවේ වත්මන් රජයට විරුද්ධ වන ඉන්දියාවේ කුඩා දේශපාලන පක්ෂයක් වන එම්.ඩී.එම්.කේ. පක්ෂය කියා සිටින්නේ විජේ සේතුපති විසින් මුරලිදරන්ගේ භූමිකාව භාර නොගත යුතු බවයි.  මුරලිදරන්, දෙමළ කොටි කැරැල්ල පරාජය කළ අගමැති මහින්ද රාජපක්ෂගේ පැත්ත ගත් බවද එම්.ඩී.එම්.කේ පක්ෂය කියා සිටී.

ඉන්දීය පාර්ලිමේන්තුවේ උත්තර මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීවරයකු වන එම්ඩීඑම්කේ නායක වයිකෝ, ශ්‍රී ලංකාවේ දඟ පන්දු යවන්නා “දෙමළ ජාතිය පාවා දෙන්නෙකු” ලෙස හැඳින්වූ බව පී.ටී.අයි. (ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්ඩියා) පුවත් සේවය සිකුරාදා වාර්තා කළේය.

යුද්ධයේදී දමිළ ජාතිකයන්ට උපකාර නොකිරීම සම්බන්ධයෙන් මුරලිදරන්ට එරෙහිව නැඟෙන චෝදනා 2013 දක්වා ඈතට දිව යයි. යුද්ධයේදී අතුරුදහන් වීම සම්බන්ධයෙන් පැමිණිලි කළ දෙමළ කාන්තාවන් ඔහුව “නොමඟ යවා” ඇතැයි එවකට බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්ට මුරලිදරන් කියා සිටියේය.

මේ වන විට අයි.පී.එල්. තරගාවලියේදී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස සේවය කරන මුත්තයියා මුරලිදරන් නිකුත් කළ නිවේදනයකින් මුරලිදරන් මහතා කියා සිටියේ
ශ්‍රී ලංකාවේ ජනවාර්ගික යුද්ධය පිළිබඳව තමන් කළ ප්‍රකාශය වරදවා වටහාගෙන ඇති බවයි

"යුද්ධයේ වේදනාව සහ එයින් සිදුවන හානිය මා දන්නවා. අහිංසක මිනිසුන් ඝාතනය කිරීමට මම කිසි විටෙකත් සහාය නොදැක්වූ අතර එයට කිසි විටෙකත් සහාය නොදක්වමි" යැයි මුරලිදරන් පැවසීය.

"මම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙකු වූ පමණින් මා වැරදියට වටහාගෙන තියෙනවා. මම ඉන්දියාවේ උපත ලැබුවා නම්, මම ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙකු වීමට උත්සාහ කරන්න තිබුණා. ඒත් මම ශ්‍රී ලාංකික දමිළයකු ලෙස උපත ලැබීම මගේ වැරැද්දක්ද? යයි මුරලිදරන් ප්‍රශ්න කරයි.

ඉන්දියානු චිත්‍රපට නිෂ්පාදක සමාගමක් වන ඩී.ඒ.ආර්. චිත්‍රපට සමාගම පවසා ඇත්තේ මෙම චිත්‍රපටය කිසිදු දේශපාලන අභිප්‍රායක් නොමැති ක්‍රීඩකයකුගේ චරිතාපදානයක් බවයි.

චිත්‍රපටයේ වැඩ කටයුතු ලබන වසරේ මුලදී ආරම්භ කිරීමට නියමිතය.

මුත්තයියා මුරලිදරන්ගේ භූමිකාව බාරගත් විජේ සේතුපති

- 213


අදහස් (0)

විජේ සේතුපතිට දකුණු ඉන්දීය දේශපාලනඥයෝ එරෙහි වෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.