Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වසරේ පාසල් ක්‍රීඩකයා ලක්ෂිත රසාංජන

වසරේ පාසල් ක්‍රීඩකයා ලක්ෂිත රසාංජන

editorial - 2019 සැප් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩයලොග් 4G - සන්ඩේ ටයිම්ස් 2019 වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා කොළඹ නාලන්දා විද්‍යාලයේ ලක්ෂිත රසාංජන සම්මාන දිනාගත්තේය. කොළඹ නෙළුම් පොකුණ ශාලාවේ අද (16) සවස මහත් උත්සවාකාරයෙන් පැවැති ඩයලොග් 4G - සන්ඩේ ටයිම්ස් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූ කුමාර් සංගක්කාර මහතා ඇතුළු විශේෂ ආරාධිත අමුත්තන් රැසක් හමුවේ රසාංජන මෙම සම්මානය හිමිකරගත්තේය. හිටපු ටෙස්ට් ක්‍රීඩක රංගන හේරත් මෙම උත්සවයේ විශේෂ ආරාධිත අමුත්තා විය.
 

ඩයලොග් 4G - සන්ඩේ ටයිම්ස් 2019 වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මාන ප්‍රදානෝත්සවයේ සංවිධායකවරුන් වන සීමාසහිත විජය පුවත් පත් සමාගමේ විධායක අධ්‍යක්‍ෂ ලාල් ජයවර්ධන, විජය පුවත් පත් සමාගමේ සන්නාම සහ ප්‍රවර්ධන අතිරේක සාමාන්‍යධිකාරී සුජිත් පතිරැන්නැහේ, ද සන්ඬේ ටයිම්ස් පුවත් පතේ ක්‍රීඩා සංස්කාරක චම්පික ප්‍රනාන්දු, ඩයලොග් ආසියාටා සමගමේ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ, ඩයලොග් ආසියාටා සමාගමේ අධිවේගී අන්තර්ජාල සේවා සහ පෙර ගෙවුම් සේවා සාමාන්‍යාධිකාරී තිසර කස්තුරිආරච්චි යන මහත්වරුන් මෙන්ම ඩයලොග් 4G - සන්ඩේ ටයිම්ස් 2018 වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා වූ කමිඳු මෙන්ඩිස්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

ඡායාරූපය : ඉන්ද්‍රරත්න බාලසූරිය

..


අදහස් (0)

වසරේ පාසල් ක්‍රීඩකයා ලක්ෂිත රසාංජන

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.