Last Update  :  2024-03-29 19:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වර්ගවාදී අපහාසයට ක්‍රිකට් නැරඹීම තහනම් වෙයි

වර්ගවාදී අපහාසයට ක්‍රිකට් නැරඹීම තහනම් වෙයි

editorial - 2020 ජන මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නවසීලන්ත පිලට එරෙහිව පැවැති ටෙස්ට් තරගයකදී එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ජොෆ්රා ආචර්ට වාර්ගිකව නින්දා කළ පුද්ගලයාට නවසීලන්තයේ පැවත්වෙන ජාත්‍යන්තර හා දේශීය ක්‍රිකට් තරග තහනම් කිරීමට නවසීලන්ත ක්‍රිකට් ආයතනය අද (14 වැනිදා) තීරණය කළේය.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේ එංගලන්තය සහ නවසීලන්තය අතර පැවති පළමු ටෙස්ට් තරගයේ අවසන් දිනයේදී ආචර්ට වාර්ගික හිංසනය එල්ල විය.

වාර්ගික අපයෝජනය සම්බන්ධයෙන් වගකීම භාරගත් 28 හැවිරිදි නවසීලන්තයේ ඕක්ලන්ඞ් නුවර පුරවැසියකු පොලීසිය විසින් සොයාගෙන ඇති අතර අපහාසාත්මක භාෂාව භාවිතා කිරීම සම්බන්ධයෙන් වාචික අනතුරු ඇඟවීමක් නිකුත් කළ බව නවසීලන්ත ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශක ඇන්තනි ක්‍රම්මි මහතා පැවසීය.

නවසීලන්තයේදී පැවැත්වෙන සියලුම ජාත්‍යන්තර හා දේශීය තරග 2022 දක්වා මෙම පුද්ගලයාට තහනම් කර ඇති බවත්, ඔහු එම තහනම උල්ලංඝනය කළහොත් ඔහුට තවදුරටත් පොලිස් ක්‍රියාමාර්ගවලට මුහුණ දිය හැකි බවත් ක්‍රම්මි පැවසීය.

”මෙවැනි අශෝභන සිදුවීමක් සම්බන්ධයෙන් අපි නැවතත් ජොෆ්රාට සහ එංගලන්ත කණ්ඩායම් කළමණාකාරිත්වයයෙන් සමාව අයැදීමට කැමැත්තෙමු. මේ ආකාරයේ හැසිරීම සම්පූර්ණයෙන්ම පිළිගත නොහැකි බව නැවත වරක් අවධාරණය කරමු” යැයි ක්‍රම්මි පැවසීය.

”වගකිව යුතු පුද්ගලයා හඳුනා ගැනීමට පොලිසිය ගත් උත්සාහයට ස්තූතිවන්ත විය යුතුයි. මේ ආකාරයේ හැසිරීම් අවම කරගැනීමට අප කටයුතු කළ යුතුයි”

බාර්බඩෝස් හි උපන් ආචර් තරඟයෙන් පසුව ටිවිටර් පණිවිඩයක් මගින් ප්‍රකාශ කර සිටියේ “අද මගේ කණ්ඩායම බේරා ගැනීමට සටන් වදින අතර වාර්ගික අපහාසයන් ඇසීම තරමක් කරදරකාරී” බවයි.

24 හැවිරිදි ආචර් කියා සිටියේ මට නින්දා කළ පුද්ගලයා මගේ සමේ පැහැය ගැන අදහස් දක්වන හුදෙකලා ප්‍රේක්ෂකයෙකු බවයි.

 


අදහස් (0)

වර්ගවාදී අපහාසයට ක්‍රිකට් නැරඹීම තහනම් වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.