Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ලෝරී - අෂාන් - කේයිස් කිංග්ල් පිල දිනවති

ලෝරී - අෂාන් - කේයිස් කිංග්ල් පිල දිනවති

රොෂාන් ගුණරත්න - 2020 දෙසැ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 
ලෝරී එවන්ස් (නොදැවී 53), අෂාන් ප්‍රියංජන් (නොදැවී 47) සහ කේයිස් අහ්මඞ්ගේ (නොදැවී 50) වේගවත් පිතිහරඹය හමුවේ දඹුල්ල වයිකිංග් පිලට එරෙහිව හම්බන්තොට මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේදී අද (11 වැනිදා) පැවැති ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 20 වැනි තරගයෙන් කඩුලු 6 ක ජයක් හිමිකර ගැනීමට කොළඹ කිංග්ස් පිල සමත්විය.

ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණගත් කොළඹ කිංග්ස් පිලට පළමු අවසන් පූර්ව තරගයේදී ගාල්ල ග්ලැඩියේටර්ස් පිල හමුවන අතර ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත්වූ දඹුල්ල වයිකිංග් පිලට දෙවැනි අවසන් පූර්ව තරගයේදී යාපනය ස්ටැලියන්ස් පිල හමුවනු ඇත.

ජයග්‍රහණය සඳහා ලකුණු 204 ක ඉලක්කයක් හඹාගිය කොළඹ කිංග්ස් පිල ඕවර 18.5 කදී කඩුලු 4 ක් දැවී ඉලක්කය පසුකිරීමට සමත්විය. කොළඹ කිංග්ස් පිලට තරගය ජයග්‍රහණය කිරීම සඳහා අවසන් ඕවර 2 ක තුලදී ලකුණු 23 ක් අවශ්‍යවූ අතර 19 ඕවරය යැවූ අන්වර් අලීට හයේ පහර 4 ක් එල්ල කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට කේයිස් අහ්මඞ් සමත්විය.

කේයිස් අහ්මඞ් පන්දු 22 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 2 ක් සමගින් නොදැවී වේගවත් ලකුණු 50 ක් රැස්කළ අතර අෂාන් ප්‍රියංජන් පන්දු 28 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 47 ක් රැස්කරමින් අනෙක් අන්තයේ රැඳී සිටියේය.

සාර්ථක ආරම්භයක් ලබාගනිමින් පන්දු 24 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 53 ක් රැස්කර සිටියදී කළව ප්‍රදේශයේ ආබාධයක් හේතුවෙන් ලෝරී එවන්ස්ට පිටියෙන් ඉවත්වීමට සිදුවිය. තික්‍ෂිල ද සිල්වාද කොළඹ කිංග්ස් පිලේ ජයග්‍රහණයට දායක වෙමින් පන්දු 16 කදී හයේ පහර සහ හතරේ පහර 2 බැගින් එල්ල කරමින් වේගවත් ලකුණු 31 ක් ලබාගත්තේය.

පස්වැනි කඩුල්ල සඳහා පන්දු 35 කදී ලකුණු 77 ක නොබිඳුණු සම්බන්ධතාවයක් ගොඩනැගීමට කේයිස් අහ්මඞ් සහ අෂාන් ප්‍රියංජන් සමත්වූහ

පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල වයිකිංග් පිල ඕවර 20 අවසානයේදී කඩුලු 3 ක් දැවී ලකුණු 203 ක් රැස්කළේය. ඇන්ජලෝ පෙරේරා පන්දු 51 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් සමගින් නොදැවී ලකුණු 74 ක් රැස්කළ අතර නිරෝෂන් දික්වැල්ල පන්දු 40 කදී හයේ පහරක් සහ හතරේ පහර 9 ක් සමගින් ලකුණු ලකුණු 65 ක් රැස්කිරීමට සමත්විය.
 

දඹුල්ල වයිකිංග් - ඕවර 20 කදී කඩුලු 3 ක් දැවී 203

(සමිට් පතෙල් 26, නිරෝෂන් දික්වැල්ල 65, ඇන්ජලෝ පෙරේරා නොදැවී 74, දසුන් ශානක නොදැවී 28, කේයිස් අහ්මඞ් 23/2)

 

කොළඹ කිංග්ස් - ඕවර 18.5 කදී කඩුලු 4 ක් දැවී 205
(ලෝරී එවන්ස් නොදැවී 53, අෂාන් ප්‍රියංජන් නොදැවී 47, තික්ෂිල ද සිල්වා 31, කේයිස් අහ්මඞ්ගේ නොදැවී 50
 

 

 


අදහස් (0)

ලෝරී - අෂාන් - කේයිස් කිංග්ල් පිල දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.