Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ලෝකේෂ් රාහුල්ගේ වාර්තාගත ඉනිමක්

ලෝකේෂ් රාහුල්ගේ වාර්තාගත ඉනිමක්

editorial - 2020 සැප් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නායක ලෝකේෂ් රාහුල් (නොදැවී 132) ඉන්දීය ප්‍රීමියර් ලීග් ඉතිහාසයේ ඉන්දීය ක්‍රීඩකයකු ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීම හේතුවෙන් ඩුබායිහිදී ඊයේ (24 වැනිදා) පැවැති තරගයේදී කිංග්ස් XI පන්ජාබ් පිල ලකුණු 97 ක පහසු ජයක් ලබා ගත්තේය. විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිලට එරෙහිව රාහුල් ලබාගත් ලකුණු 132 ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගයකදී ඉනිමකදී වාර්තාවූ සිවුවැනි ඉහළම ලකුණු සංඛ්‍යවද වන්නේය.

පන්දු 69 කදී නොදැවී ලකුණු 132 ක් ලෝකේෂ් රාහුල් ලබා ගත් අතර එම ශතකය මෙවර තරගාවලියේ  වාර්තාවූ පළමු ශතකයද වන්නේය. රාහුල් ශතකය ලබාගැනීමට පෙර කෝලි විසින් උඩපන්දු දෙකක් අතහරින ලදි. ඒ හේතුවෙන් රාහුල්ට මෙන්ම කිංග්ස් ඞෂ පන්ජාබ් පිලටද ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා යෑමේ අවස්ථාව උදාවිය.

ඉන්දීය ප්‍රීමියර් ලීග්හිදී නායකයෙකු විසින් මෙතෙක් ලබා ඇති වැඩිම ලකුණු ප්‍රමාණය රාහුල් විසින් වාර්තා කළ අතර, ඉන්දීය ප්‍රීමියර් ලීගයේ ලකුණු 2,000 ක් ලබා ගත් වේගවත්ම ඉන්දියානුවා බවට පත්වෙමින්, සචින් තෙන්ඩුල්කාර්ගේ වාර්තාවද බිඳ දැමීමටද ලෝකේෂ් සමත් වූයේය. තෙන්ඩුල්කාර් තරග 63 කදී තබා තිබූ වාර්තාව රාහුල් විසින් තරග 60 කදී බිඳ හෙළන ලදී. ක්‍රිකට් විචාරක ඩීන් ජෝන්ස් මහතා හෘදයාබාධයකින් හදිසියේ මිය යාමෙන් පසුව තරගය ඉතා කණගාටුදායක ස්වරූපයක් ගත් අතර කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් ජෝන්ස් මහතාට ගෞරව දැක්වීම සඳහා කළු පැහැති පටි පැළඳ සිටියහ.

කාසියේ වාසිය දිනූ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිලේ නායක විරාට් කෝලී පළමුව පන්දුවට පහරදීම සඳහා කිංග්ස් ඞෂ පන්ජාබ් පිලට ආරාධනා කළ අතර ඕවර 20 අවසානයේදී කඩුලු 3 ක් දැවී ලකුණු 206 ක් රැස්කිරීමට ඔව්හු සමත්වූහ. ලෝකේෂ් රාහුල්ගේ පන්දු 69 ඉනිමට හයේ පහර 7 ක් සහ හතරේ පහර 14 ක් ඇතුළත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 207 ක ඉලක්කයක් හඹාගිය රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිලට ඕවර 17 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 109 ක් පමණි. ලකුණු 30 ක් රැස්කළ වොෂින්ටන් සුන්දර් බැංගලෝර් පිල පිල වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්විය.

මුරුගන් අශ්වින් සහ රවී බිෂ්නෝයි කඩුලු 3 බැගින්ද ශෙල්ඩන් කොට්ටේ‍රල් කඩුලු 2 ක් ද දවාගනිමින් කිංග්ස් XI පන්ජාබ් පිලට දැවැන්ත ජයක් අත්කර දීමට සමත්වූහ.


කිංග්ස් XI පන්ජාබ් - ඕවර 20 කදී කඩුලු 3 ක් දැවී 206
(ලෝකේෂ් රාහුල් නොදැවී 132, මයන්ක් අගර්වාල් 26, ශිවම් ඩූබ් 33/2)

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් - ඕවර 17 කදී සියලුදෙනා දැවී 109
(වොෂින්ටන් සුන්දර් 30, ඒරන් ෆින්ච් 20, ඒ.බි.ඩිවිලියර්ස් 28, මුරුගන් අශ්වින් 21/3, රවී බිෂ්නෝයි 32/3, ශෙල්ඩන් කොට්ට්‍රේල් 17/2)

 

- 2079

(ඡායාරූප - අයි.පී.එල්. නිල වෙබ්අඩවිය අනුග්‍රහයෙනි)


අදහස් (0)

ලෝකේෂ් රාහුල්ගේ වාර්තාගත ඉනිමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.