Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ලිංගික හිරිහැර කළැයි බාබර් අසාම්ට චෝදනා

ලිංගික හිරිහැර කළැයි බාබර් අසාම්ට චෝදනා

editorial - 2021 ජන මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කාන්තාවකට ලිංගික හිරිහැර කිරීමේ චෝදනාවකට පාකිස්තානු ක්‍රිකට් නායක බාබර් අසාම්ට එරෙහිව ලාහෝර් නුවර අධිකරණයකදී පැවැති අතිරේක සැසියකදී විනිසුරුවරයා විසින් මුල් තොරතුරු වාර්තාවක් (එෆ්.අයි.ආර්) ඉදිරිපත් කරන ලෙස පොලීසියට නියෝග කර ඇත. ඒ අනුව බාබර් අසාම් ඉතා දුෂ්කර තත්වයකට මුහුණ දී සිටින බව වාර්තා වේ. 

පසුගිය වසරේ (2020) නොවැම්බර් මාසයේදී ලාහෝර්හි හමීසා මුක්තාර් නම් කාන්තාවක් විසින් ලිංගික හිරිහැර කිරීමේ චෝදනාවක් බාබර් අසාම්ට එල්ල කරන ලදි.  විවාහය පිළිබඳ බොරු පොරොන්දු ලබා දීමෙන් පසු බාබර් අසාම් තමා ලිංගික සූරාකෑමට ලක් කළ බවට පාකිස්තානු කාන්තාව සිය පැමිණිල්ලේ සඳහන් කර ඇත. එමෙන්ම තම කුස තුල සිටින දරුවා ගබ්සා කිරීමටද බාබර් තමාට බල කර ඇති බව ද එම කාන්තාව වැඩිදුරටත් එම පැමිණිල්ලේ සඳහන් කර ඇත.

පී.ටී.අයි. පුවත් සේවය අනුව පෙත්සම්කාරිය ඇගේ වෛද්‍ය ලියකියවිලි අධිකරණයේ සාක්ෂි ලෙස අමුණා ඇත. දෙපාර්ශවයේම නීතිඥයින්ගේ තර්ක විතර්ක කිරීම් වලින් අනතුරුව අතිරේක සැසිවාර විනිසුරු නෝමන් මුහම්මද් නයීම් මහතා විසින්, බාබාර්ට එරෙහිව වහාම මුල් තොරතුරු වාර්තාවක් ඉදිරිපත් කරණ ලෙස නසීරාබාද් පොලිස් ස්ථානයේ පොලිස් අධ්‍යක්‍ෂක වෙත නියෝග කර තිබේ.

මෙම චෝදනාව අවුල් සහගත බවත්, පූර්ණ පරීක්ෂණයක් පැවැත්වීමට සිදුවන බරපතල කාරණයක් බවත් විනිසුරුවරයා කියා සිටියේය. නසීරාබාද් පොලිස් ස්ථානයේ මුල් තොරතුරු වාර්තාවක් ඇති බව හමීසා පසුව ස්ථීර කළේය.

නඩුව ඉල්ලා අස්කර ගන්නා ලෙස තර්ජනාත්මක දුරකථන ඇමතුම් ලබාදෙන බවට හමීසාට විසින් කර තිබූ පැමිණිල්ලකට අනුව මීට පෙර තවත් අතිරේක සැසි විනිසුරුවරයෙකු වන අබීඩ් රාසා විසින් බාබර්ට සහ ඔහුගේ පවුලේ අයට එසේ නොකරන ලෙස නියෝග කර තිබුණි. නසීරාබාද් පොලිස් ස්ථානයේදී ක්‍රිකට් ක්‍රීඩකයාට එරෙහිව මුල් තොරතුරු වාර්තාවක් ලියාපදිංචි කිරීමට යාමේදී විවාහය නැවත සහතික කිරීම සඳහා වූ අයදුම්පත ඉල්ලා අස්කර ගැනීමට බාබර් ඇයට බල කර ඇත.

දකුණු අප්‍රිකාවට එරෙහිව පාකිස්තානයේ පැවැත්වීමට නියමිත තරගමාලාවක් සඳහා බාබර් මේ වනවිට සූදානම් වන්නේය. සංචිතය සමඟ නවසීලන්තය වෙත ගමන් කර තිබියදීත් අතේ ඇඟිල්ලක අස්ථි බිඳීමක් හේතුවෙන් තරගාවලිය මඟ හැරුණු පාකිස්තාන නායකයා ජනවාරි 26 සිට පෙබරවාරි 14 දක්වා දකුණු අප්‍රිකාවට එරෙහිව ටෙස්ට් තරග 2 කට සහ විස්සයි 20 තරග 3 කට සහභාගිවීමට නියමිතව ඇත

 


අදහස් (0)

ලිංගික හිරිහැර කළැයි බාබර් අසාම්ට චෝදනා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.