Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ලැන්ගර්ගේ සහායට හසීත් එයි

ලැන්ගර්ගේ සහායට හසීත් එයි

editorial - 2019 ඔක් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවට සහ පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන විස්සයි20 තරගාවලි දෙකේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ උපදේශකවරයා ලෙස එක්වන්න’යි පුහුණුකරු ජස්ටින් ලැන්ගර් හිටපු මැදපෙළ පිතිකරු මයික් හසීට ආරාධනා කර තිබේ. එක්දින ලෝක කුසලාන තරගාවලියේදී රිකී පොන්ටින් කණ්ඩායම් කාර්ය මණ්ඩලයට එක්වූ අතර එංගලන්තයේදි පැවැති අළුබඳුන තරගාවලියේදි හිටපු නායක ස්ටීව් වෝ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සහයට එක්විය.

“මේ අවස්ථාව සම්බන්ධයෙන් මම ඇත්තෙන්ම ඉතා සතුටට පත්වෙනවා. මම ඉක්මනින්ම ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමගින් එක්වීමට බලාපොරොත්තු වෙනවා” යැයි ‘මිස්ටර් ක්‍රිකට්’ යන අන්වර්ථ නාමයෙන් හදුන්වනු ලබන හසී සිඞ්නි නුවර ඬේලී ටෙලිග්‍රාෆ් පුවත් පතට පවසා තිබිණ.

“ඔවුන් උත්සාහ කරන්නේ උපාය මාර්ගයන් නිසි තැනට ගෙන ඒමට, ක්‍රීඩා විලාශයක් සංවර්ධන කිරීමට සහ ඔවුන්ට අවශ්‍ය ක්‍රීඩකයින් තොරා ගැනීමටයි. මම ඒ සියල්ලටම කැමතියි. ලොකු දෙයකට ඔවුන් සැලසුම් සකස් කරනවා.”

“ලබන වසරේ ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලානයට ලඟාවීමේ හැකියාව ඔවුන්ට තිබෙනවා. නමුත් මේ වනවිට සියල්ල ලිහිල්ව පවතින්නේ” යයිද හසී පවසා තිබිණ.

ඕස්ට්‍රේලියානු ගිම්හානය ආරම්භ කරමින් ශ්‍රී ලංකාවට සහ පාකිස්තානයට එරෙහිව තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලි 2 ක් පිට පිට පැවැත්වෙන අතර එහි පළමු තරගය ලබන ඉරිදා (27) ඇඩිලේඩිහිදි පැවැත්වේ.

හිටපු වේගපන්දු යවන ක්‍රීඩක රයාන් හැරිස් පන්දු යැවීමේ පුහුණුකරු ලෙස පත්කිරීමට ලැන්ගර් පියවර ගෙන තිබේ. පොන්ටින්, වෝ සහ හසී දැන් මගේ කණ්ඩායම සමගින් එක්වෙලා ඉන්නවා. නමුත් මෙම පුද්ගලයින්ට කණ්ඩායමට කෙතරම් බලපෑමක් කරන්න පුලුවන්ද කියලා මට කියන්න බෑ” යැයි ලැන්ගර් වැඩිදුරටත් පැවසීය.

“විවිධ කටහඬවල් සහ විවිධ ඇස් තිබීම ගැන සතුටු වෙනවා මෙන්ම එම දක්ෂ පුද්ගලයින් ඔවුන්ට පෙනෙන දේ පිළිබඳව අපට අදහස් ලබාදෙනවා.” යයිද ලැන්ගර් පැවසීය.

...


අදහස් (0)

ලැන්ගර්ගේ සහායට හසීත් එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.