Last Update  :  2024-03-28 16:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ලාරාගේ දස්කම් තවමත් එලෙසමයි

ලාරාගේ දස්කම් තවමත් එලෙසමයි

editorial - 2020 පෙබ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දශක දෙකකට පසුවත් සිය දස්කම් නොනැසී පවතින බව ලෝකයා හමුවේ කදිමට ප්‍රදර්ශනය කළ බ්‍රයන් ලාරා මෙල්බර්න් නුවරදී අද (9 වැනිදා) පැවැති ආධාර ක්‍රිකට් තරගයේදී අලංකාර ලකුණු 30 ක් ලබාගනිමින් රිකී පොන්ටිංගේ පිලට ලකුණක ජයක් කරා යාමට මඟ පාදා දුන්නේය. ඕවර 10-10 තරගයක් වූ මෙම තරගයේදී පන්දු 11 කට මුහුණ දුන් ලාරා හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 30 ක් ලබාගැනීමෙන් පසුව පිටියෙන් ඉවත්ව ගියේය.

රිකී පොන්ටිංගේ කණ්ඩායම ඕවර 10 කදී කඩුලු 5 කට ලකුණු 104 ක් ලබාගත් අතර ඇඩම් ගිලික්‍රිස්ට්ගේ කණ්ඩායමට ඕවර 10 නිමාවේදී ලබාගත හැකිවූයේ ලකුණු 103 ක් පමණි.

ඕස්ට්‍රේලියාවේ ලැව්ගින්නෙන් විපතට පත්වූවන්ට ආධාර පිණිස මෙම තරගය මෙල්බර්න් නුවර ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. මේ වන විට  ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන සිටින නමුත් ක්‍රිකට් ඉතිහාස පොතේ සදාතනික වීරයන් වූ බ්‍රයන් ලාරා, රිකී පොන්ටිං, කර්ට්නි වොල්ෂ්, මැතිව් හේඞ්න්, බ්‍රෙට් ලී, වසිම් අක්රම්, ඇඩම් ගිල්ක්‍රිස්ට් සහ යුවරාජ් සිං යන ක්‍රීඩකයෝත් මෙම තරගයට ක්‍රීඩා කළහ.

එක් එක් ක්‍රීඩකයන් විශාල ලකුණු සංඛ්‍යාවන් ලබා නොගත් නමුත් රිකී පොන්ටිං, ඇඩම් ගිල්ක්‍රිස්ට්, ෂේන් වොට්සන් වැනි ක්‍රීඩකයෝ මෙන්ම කර්ට්නි වොල්ෂ් සහ වසිම් අක්රම් වැනි පන්දු යවන්නෝත් තමන්ගේ දස්කම් තවමත් නොනැසී පවතින බව සනාථ කළහ.

“හැම ක්‍රීඩකයකුටම පන්දුවක් දෙකක් ලැබුණා...ඔවුන් හැම කෙනාම කිව්වේ අපිට තවත් සෙල්ලම් කරන්න පුළුවන් කියායි.....මේ තරගයට සම්බන්ධ වූ සියලු දෙනාටම ස්තුතියි. අවුරුදු 25 ක් තිස්සේ මම තරග කළ ක්‍රීඩකයන් එක්ක එකම විවේක කාමරයක් බෙදාහදාගන්න මට අවස්ථාව ලැබුණා” යයි තරගයෙන් පසුව ඕස්ටේ්‍රලියාවේ හිටපු නායක රිකී පොන්ටිං පැවසීය.

මෙම තරගයෙන් ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 7.7 ක ආදායමක් උපයාගත් බව තරගයෙන් පසුව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය. එම මුදල් ඕස්ටේ්‍රලියාවේ ලැව් ගින්නෙන් විපතට පත්වූවන්ට වෙන් කෙරේ.

ඕස්ට්‍රේලියාවේ ලැව්ගිනි හේතුවෙන් 30 දෙනකු මියගිය අතර දහස් ගණනකට උන්හිටි තැන් අහිමි විය.


රිකී පොන්ටිංගේ කණ්ඩායම - ඕවර 10 කදී කඩුලු 5 ට 104 යි
(මැතිව් හේඞ්න් 16, රිකී පොන්ටිං 26, බ්‍රයන් ලාරා 30, ලුක් හොජ් නොදැවී 11, කර්ට්නි වොල්ෂ් 20/1, යුවරාජ් සිං 10/1, ඇන්ඩෲ සිමන්ඞ්ස් 18/1)

ඇඩම් ගිල්ක්‍රිස්ට්ගේ කණ්ඩායම - ඕවර 10 කදී කඩුලු 6 ක් දැවී 103
(ඇඩම් ගිල්ක්‍රිස්ට් 17, ෂේන් වොට්සන් 30, ඇන්ඩෲ සිමන්ඞ්ස් 29, බ්‍රෙට් ලී 11/2, ලූක් හොජ් 08/1)

..


අදහස් (0)

ලාරාගේ දස්කම් තවමත් එලෙසමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.