Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ලයන්ස් - ග්ලැඩියේටර්ස් සමාරම්භක තරගයට

ලයන්ස් - ග්ලැඩියේටර්ස් සමාරම්භක තරගයට

ශානුක අරවින්ද - 2020 ඔක් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ලන්කන් ප්‍රිමියර් ලීග් තරගාවලිය ආරම්භ කරමින් ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දරන කොළඹ ලයන්ස් කණ්ඩායම සහ ලසිත් මාලිංග නායකත්වය දරන ගාල්ල ග්ලැඩියේටර්ස් කණ්ඩායම නොවැම්බර් මස 21 වැනිදා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තරග බිමට පිවිසීමට නියමිතය.

‍ඕස්ට්‍රේලියානු ජාතික ඩැව්නෙල් වට්මෝර් මහතා පුහුණුකරු ලෙස කටයුතු කරන කොළඹ කණ්ඩායමට බටහිරි ඉන්දීය කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩක ඔන්ඩ්‍රි රසල් සහ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායක ෆ‍ෆ් ඩුප්ලෙසිද ඇතුළත්ව සිටිති. ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමේ හිටපු නායක දිනේෂ් චන්දිමාල් සහ මෙවර අයි.පී.එල්. තරගාවලියට සහභාගී වන එකම ශ්‍රී ලංකා ක්‍රීඩකයා වන ඉසුරු උදාන කොළඹ කණ්ඩායම නියෝජනය කරන නමගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ‍ වෙති.

පාකිස්තාන ජාතික මොයින් ඛාන් මහතා ගාල්ල කණ්ඩමේ පුහුණුකරු ලෙස කටයුතු කරන අතර පාකිස්තාන තුන් ඉරියව් ක්‍රීඩකයන් වන සහීඩ් අෆ්රිඩි සහ ෂොයිබ් මලික්ද ගාල්ල කණ්ඩායමට ඇතුළත්ව සිටිති. ධනුෂ්ක ගුණතිලක, භානුක රාජපක්ෂ, අකිල ධනංජය, මිලින්ද සිරිවර්ධන, ලක්ෂාන් සඳකැන් සහ ෂෙහාන් ජයසූරිය වැනි ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නි‍යොජ්නය කළ ක්‍රීඩකයෝ ගාල්ල කණ්ඩායම ශක්තිමත් කරති.

කොළඹ ලයන්ස්, දඹුල්ල හෝක්ස්, ගාල්ල ග්ලැඩියේටර්ස්, යාපනය ස්ටැලියන්ස් සහ මහනුවර ටස්කර්ස් යන කණ්ඩායම් 5 තරග වදින මෙම තරගාවලිය නොවැම්බර් මස 21 වැනිදා සිට දෙසැම්බර් මස 13 වැනිදා දක්වා මහනුවර පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සහ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ලීග් ක්‍රමයට අනුව පැවැත්වෙන තරගාවලියේ මූලික වටයේදී සෑම කණ්ඩායමක්ම සෙසු කණ්ඩායම් සමග තරග 2 කට බැගින් සහභාගී වනු ඇත. මූලික වටය අවසානයේදී ප්‍රසාද ලකුණු සටහනේ වැඩිම ලකුණු ලබාගන්නා කණ්ඩායම් 4 අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගන්නා අතර අවසන් මහ තරගය දෙසැම්බර් 13 වැනිදාට යෙදී තිබෙන නමුත් එයට අතිරේක දිනයක්ද වෙන්කර තිබේ.

මෙම තරගාවලිය සඳහා පාකිස්තාන ක්‍රීඩකයන් 8 දෙනෙක් සහභාගී වන අතර බටහිර ඉන්දීය කොදෙව්, දකුණු අප්‍රිකානු, එංගලන්ත සහ ඉන්දීය ක්‍රීඩකයන් තිදෙනා බැගින්ද, ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයන් දෙදෙනෙක්ද සහ එක් අයර්ලන්ත ක්‍රීඩකයකුද තරගාවලියට එක්ව සිටිති.


අදහස් (0)

ලයන්ස් - ග්ලැඩියේටර්ස් සමාරම්භක තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.