Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ලයන් කඩයිම් දෙකක් අබියස

ලයන් කඩයිම් දෙකක් අබියස

editorial - 2021 ජන මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහිව බ්‍රිස්බේන්හිදී අනිද්දා (15 වැනිදා) ආරම්භවන සිවුවැනි ටෙස්ට් තරගයේදී 100 වැනි ටෙස්ට් තරගයට සහභාගිවන ඕස්ට්‍රේලියානු පිලේ දඟපන්දු යවන ක්‍රීඩක නේතන් ලයන් කඩුලු 400 කඩයිම පසුකිරීමේ බලාපොරොත්තුවෙන් පසුවන්නේය.

බ්‍රිස්බේන් ටෙස්ට් තරගය සඳහා එක්වීමට හැකිවුවහොත් ඕස්ට්‍රේලියාව වෙනුවෙන් තරග ටෙස්ට් තරග 100 කට ක්‍රීඩාකරනු ලැබූ 13 වැනි ටෙස්ට් ක්‍රීඩකයා බවට නේතන් ලයන් පත්වනු ඇත. රිකී පොන්ටින්, ස්ටීව් වෝ, ඇලන් බෝඩර්, ෂේන් වෝන්, මාක් වෝ, ග්ලෙන් මැග්‍රාත්, ඉයන් හිලී, මයිකල් ක්ලාක්, ඩේවිඩ් බූන්, ජස්ටින් ලැන්ගර්, මාක් ටේලර් සහ මැතිව් හේඩ්න් මින් පෙර තරග 100 ක් ක්‍රීඩාකළ සෙසු ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ වූහ.

“ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 100 කට වඩා ක්‍රීඩා කර ඇති අනෙක් ක්‍රීඩකයින් 12 දෙනා දෙස මම බලා සිටියා. ඔවුන් ඇත්තටම දක්ෂයන්.... ඕස්ට්‍රේලියාව වෙනුවෙන් විතරක් නෙමේ, ටෙස්ට් තරග 100 ක් ක්‍රීඩා කළ, ලොව පුරා සිටින අනෙකුත් ටෙස්ට් ක්‍රීඩකයින් අතරේ පවා මගේ නම ඉහළින් තියාගන්න මම හැමදාම උත්සාහ කරනවා” යැයි ලයන් පැවසීය.

33 හැවිරිදි ලයන් සම්මත පිට දඟ පන්දු යවන්නෙකු වන අතර දශකයකට පමණ පෙර සිය මංගල තරගයට පිවිසි දින සිට ඔහු ස්ථාවරත්වයක් ලබා ගෙන ඇති අතර මේ වන විට ඔහු කඩුලු 400 සීමාවට ලඟවී සිටී. කඩුලු 400 කඩයිමට තවත් කඩුලු 4 ක් පසු පසින් සිටින නේතන් ලයන් සිකුරාදා ඉන්දියාවට එරෙහිව ආරම්භවන සිව්වන ටෙස්ට් තරගයේදී කඩුලු 400 කඩයිමට ලඟාවුවහොත් එම දස්කම කළ ලොව 16 වැනි පන්දු යවන්නා වන්නේය. එමෙන්ම ෂේන් වෝන් සහ ග්ලෙන් මැග්‍රාත්ට පසුව කඩුලු 400 ක් ලබාගත් තෙවැනි ඕස්ට්‍රේලියානු පන්දු යවන්නා බවටද ඔහු පත්වන්නේය.

“මම තවම මගේ වැඩ කොටස කරලා ඉවර කරලා නෑ” යැයි ලයන් පැවසීය.”
“මට දැන් වෙන කවරදාටත් වඩා කඩුලු දවාගන්න ඕනේ.... ඒත් මට අවශ්‍ය වන්නේ ඕස්ට්‍රේලියාව වෙනුවෙන් හැකි තරම් කඩුලු දවාගන්නයි... ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරගමාලා බොහොමයක් ජයග්‍රහණය කරන්නයි” යයිද ලයන් පැවසීය.

2017 වසරේදී ඉන්දියාවට එරෙහිව බැංගලෝර්හිදි ලකුණු 50 කට ලබාගත් කඩුලු 8 ඔහු ඉනිමකදී වාර්තා කළ හොඳම පන්දු යැවීම ලෙස වාර්තා වන්නේය.

කඩුලු 800 ක් ලබාගත් ශ්‍රී ලංකාවේ හිටපු දඟ පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම කඩුලු ලබාගත් පන්දු යවන්නන් අතර ඉදිරියෙන්ම සිටී. ඕස්ට්‍රේලියාවේ ෂේන් වෝන් කඩුලු 708 ක් ලබා ගනිමින් දෙවැනි ස්ථානයේ පසුවන්නේය. මුරලිදරන් සහ වෝන් අභිබවා යෑමට ලයන්ට හැකිබව හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිඩකයින් පැවසුවද එය පහසු කටයුත්තක් නොවනු ඇත.

“ඔහු ආබාධයකින් තොරව සිටින්නේ නම්, ඔහුට පහසුවෙන් තවත් වසර පහක් ක්‍රීඩා කිරීමට හැකි වනු ඇතැයි මම සිතනවා,” යැයි වෝන් පසුගිය සතියේ සිඩ්නි ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පතට පවසා තිබුණි.

“එය ආසන්න වශයෙන් තවත් ටෙස්ට් තරග 50 ක් පමණ ඔහුට ක්‍රීඩා කරන්න පුලුවන්. ඔහු දිගටම එක් තරගයකදී කඩුලු 4 ක් දවා ගන්නේ නම්, තවත් කඩුලු 200 ක් - නැතහොත් කඩුලු 250 ක් අතර සංඛ්‍යාවක් දවාගැනීමේ අවස්ථාව ඔහුට තිබෙනවා” යයිද වෝන් පවසා තිබිණ.


- 2079

 


අදහස් (0)

ලයන් කඩයිම් දෙකක් අබියස

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.