Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රූට් - පෝප් එංගලන්ත පිල ඇදගෙන යති

රූට් - පෝප් එංගලන්ත පිල ඇදගෙන යති

editorial - 2020 ජන මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර ජොහැන්නස්බර්ග්හිදී පැවැත්වෙන සිවුවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය (24 වැනිදා) නිමාවන විට පන්දුවට පහර දෙමින් සිටි එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 4 ක් දැවී ලකුණු 192 ක් ලබා සිටියේය.

පළමු දිනය සඳහා තරගය නතර කරන විට නායක ජෝ රූට් ලකුණු 25 ක්ද, ඔලී පෝප් ලකුණු 22 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. ඒ වන විට ඔවුන් දෙදෙනා එක්ව එංගලන්ත ඉනිමේ පස්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනගා තිබූ නොබිඳුණ සම්බන්ධතාව ලකුණු 35 කි.

එංගලන්ත ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 107 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සැක් ක්‍රොව්ලි (66) සහ ඩොමිනික් සිබ්ලි (44) සමත් වූහ. ක්‍රොව්ලිගේ මංගල ටෙස්ට් අර්ධ ශතකය හතරේ පහර 11 කින් සමන්විත වූ අතර සිබ්ලිගේ ඉනිමට හතරේ පහර 7 ක් ඇතුළත් විය.

බියුරන් හෙන්ඩ්‍රික්ස්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක ක්වින්ටින් ඩි’කොක් අතට උඩ පන්දුවක් දෙමින් සිබ්ලි දැවී යෑමත් සමත් එම සම්බන්ධතාව නිමාවට පත් විය. සිබ්ලිගේ දැවී යෑමන් අනතුරුව එංගලන්ත ලකුණු පුවරුවට තවත් ලකුණු 9 ක් එක්වන විට පිලැන්ඩර්ගේ පන්දුවක් හමුවේ රාසි පැන්ඩර් ඩසන් අතට උඩ පන්දුවක් දෙමින් ක්‍රොව්ලිද පිටියෙන් ඉවත්ව ගියේය.

හතරේ පහර 4 ක් සමග ලකුණු 27 ක් ලබා සිටි ජෝ ඩෙන්ලි දැවී ගියේ ඩේන් පීටර්සන්ගේ පන්දුවක් හමුවේ පැන්ඩර් ඩසන් අතට උඩ පන්දුවක් දෙමිනි. ඉන් අනතුරුව පිටියට පිවිසි බෙන් ස්ටෝක්ස්ටද වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට අවස්ථාවක් නොලැබුණ අතර ඇන්රිච් නොට්ජේගේ පන්දුවක් හමුවේ පැන්ඩර් ඩසන් අතට උඩ පන්දුවක් දෙමින් ඔහු ලකුණු 2 කට දැවී ගියේය.

 

එංගලන්ත පළමු ඉනිම - ඕවර 54.2 කදී කඩුලු 4 ක් දැවී 192
(සැක් ක්‍රොව්ලි 66, ඩොමිනික් සිබ්ලි 44, ජෝ ඩෙන්ලි 27, ජෝ රූට් නොදැවී 25, ඔලී පෝප් නොදැවී 22)

-036

 


අදහස් (0)

රූට් - පෝප් එංගලන්ත පිල ඇදගෙන යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.