Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රාගම පිල අවසන් තරගයට

රාගම පිල අවසන් තරගයට

editorial - 2021 අප්‍රේ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

-----------------------
රොෂාන් ගුණරත්න
-----------------------

ඉෂාන් ජයරත්නගේ (31/5) පන්දු යැවීමත්, සමින්ද ප්‍රනාන්දුගේ (99) පිතිහරඹයත් හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන සීමිත ඕවර (ඕවර 50) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට රාගම පිල සමත්විය.

එන්.සී.සී ක්‍රීඩාංගණයේදී අද (9 වැනිදා) පැවැති අවසන් පූර්ව තරගයේදී යුදහමුදා පිල කඩුලු 8 කින් පරාජය කිරීමට රාගම පිල සමත්විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් යුදහමුදා පිලට ඕවර 46.3 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 178 ක් පමණී. මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක වනවිට හිමාෂ ලියනගේ සහ තිසර පෙරේරා ලකුණු 45 බැගින් ලබාගත්තද රාගම පිලට තර්ජනයක් ඇති කරමින් ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා යුදහමුදා පිල රැගෙන යාමට ඔව්හු අපොහොසත් වූහ.

දක්ෂ පන්දු යැවීමක නිරතවූ ඉෂාන් ජයරත්න ඕවර 8.1 කදී එක් නිලකුණු ඕවරයක්ද සමගින් ලකුණු 31 කට කඩුලු 5 ක් දවාගනිමින් යුදහමුදා පිල අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට සමත්විය. ඔහුට අනගි සහයක් ලබාදුන් බිනුර ප්‍රනාන්දු ලකුණු 30 කට කඩුලු 3 ක් දවාගැනීමත් සමගින් මේ වනවිට මෙවර තරගාවලියේ වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නන් අතර පෙරමුණ ගැනීමටද ඔහු සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 179 ක ඉලක්කයක් හඹාගිය රාගම පිල ඕවර 39.2 කදී කඩුලු 2 ක් පමණක් දැවී ඉලක්කය පහසුවෙන් ජයගැනීමට සමත්විය. දක්ෂ පිතිහරෂයක නිරත වූ ආරම්භක පිතිකරු සමින්ද ප්‍රනාන්දු ඉතා අවසනාවන්ත ලෙස ශතකය පෙනී පෙනී දුවද්දී දැවීයාමකට හසුව ලකුණු 99 කට දැවී ගියේය. පන්දු 145 කට මුහුණදුන් ඔහුගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 6 ක් ඇතුළත් විය.

නිශාන් මධුෂ්ක ලකුණු 34 ක් සහ දිනෙත් තිමෝද්‍ය නොදැවී ලකුණු 33 ක් රැස්කරමින් රාගම පිල ජයග්‍රහණය කරා රැගෙන ගියහ.


යුදහමුදාව  - ඕවර 46.3 කදී සියලුදෙනා දැවී 178
(හිමාෂ ලියනගේ 45, තිසර පෙරේරා 45, දුශාන් විමුක්ති 23, මහේෂ් කුමාර 26, ඉෂාන් ජයරත්න 31/5, බිනුර ප්‍රනාන්දු 30/3)

රාගම  - ඕවර 39.2 කදී කඩුලු 2 ක් දැවී 179
(සමින්ද ප්‍රනාන්දු 99, නිශාන් මධුෂ්ක 34, දිනෙත් තිමෝද්‍ය නොදැවී 33)


අදහස් (0)

රාගම පිල අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.