Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රෂීඞ් ඛාන් විවාහයට පෙර ලෝක කුසලානයක් ගැන හිතයි

රෂීඞ් ඛාන් විවාහයට පෙර ලෝක කුසලානයක් ගැන හිතයි

editorial - 2020 ජුලි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඇෆ්ඝනිස්තානයට පළමු ලෝක කුසලානය දිනා දීමෙන් පසුව තමන් විවාහය ගැන සිතන බව දඟපන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන් පවසයි.  ඉතාමත් අඩු වයසකදී පන්දු යැවීමේ ලෝක වාර්තා රැසකට හිමිකම් කියන රෂීඩ් ඛාන් මේ වනවිට විස්සයි20 පන්දු යැවීමේ ශේණිගත කිරීම්හී පළමු ස්ථානයේ රැඳී සිටින ක්‍රීඩකයාය.

තවමත් 21 හැවිරිදි ඔහු ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් ඕවර 50 සහ විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියන්ට සහභාගී වී ඇති අතර ඔහු සංචිතයට පැමිණීම කණ්ඩායමට බෙහෙවින් උදව්වක් වී ඇත.

ඇෆ්ඝනිස්තානය ක්‍රිකට් ලොව ජයගත් පසු මගේ විවාහ ගිවිස ගැනීම සහ විවාහය සිදුවනු ඇති බව ඇෆ්ඝනිස්තාන ගුවන් විදුලි සේවයක් සමගින් පැවැති සම්මුඛ සාකච්ජාවකදී පැවසීය.

පසුගිය වසරේදී ටෙස්ට් කණ්ඩායමක් මෙහෙයවූ ලාබාලතම නායකයා බවට පත්වූ රෂීඩ් බංග්ලාදේශයට එරෙහිව පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට සමත්විය. ලකුණු 49 කට කඩුලු‍ 6 ක් දවාගනිමින් ඉනිමක හොඳම පන්දු යැවීම වාර්තා කළ රෂීඩ් ඛාන් ඇෆ්ඝනිස්තානය අමතක නොවන ජයග්‍රහණයක් කරා රැගෙන ගියේය.

ටෙස්ට් තරගයකදී ප්‍රථම වතාවට ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් නායකත්වය දැරූ රෂීඩ් පිත්තෙන් ලකුණු 51 ක් සහ තරලය පුරා ලකුණු 104 කට කඩුලු‍ 11 ක් ලබා ගනිමින් බංග්ලාදේශය ලකුණු 224 ක පරතරයකින් පරාජයට පත් කළේය.

ක්‍රිකට් ඉතිහාසයේ සිව්වැනි වරට නායකත්වය දැරූ පළමු තරගයේදීම ඉනිමකදී කඩුලු‍ 5 ක් සහ අර්ධ ශතකයක් ලබාගත් ක්‍රීඩකයා බවට රෂීඩ් ඛාන් පත්විය.

රෂීඩ් පසුගිය මාර්තු මාසයේ සිට තරගකාරී ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත නොවීය. අයර්ලන්තයට එරෙහිව ඉන්දියාවේදී පැවැති තරගාවලියේදී ඔහු ක්‍රීඩා නොකළේය. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායම නියෝජනය කරන රෂීඩ් එම තරගාවලිය සමගින් නැවත ක්‍රීඩාවට එක්වීමට සිටියද කොරෝනා වයිරස් තත්වය හේතුවෙන් තරගාවලිය දින නියමක් නොමැතිව කල් දැමීය. ඔහු මේ වනවිට විස්සයි230 තරග වලදී කඩුලු‍ 296 ක් දවාගෙන ඇත.


අදහස් (0)

රෂීඞ් ඛාන් විවාහයට පෙර ලෝක කුසලානයක් ගැන හිතයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.