Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රිච්මන්ඩ් විදුහල අවසන් පූර්ව වටයට

රිච්මන්ඩ් විදුහල අවසන් පූර්ව වටයට

සංජය එරමුදුගොඩ - 2019 මාර් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ I කොටසේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගැනීමට ගාල්ල රිච්මන්ඞ් විදුහල සමත් විය. ඒ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව තරගයකදී මරදාන ශාන්ත ජෝෂප් විදුහලට එරෙහිව කඩුලු 2 ක ජයක් වාර්තා කරමිනි.

ජයග්‍රහණය සඳහා ලකුණු 117 ක ඉලක්කයක් හඹාගිය රිච්මන්ඞ් විදුහල් ක්‍රීඩකයෝ ඕවර 36.4 ක් අවසානයේ කඩුලු 8 ක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. රිච්මන්ඞ් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ භානුක මනෝහාර එහිදී ලකුණු 30 ක් රැස්කළේය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශාන්ත ජෝෂප් විදුහලට රිච්මන්ඩි විදුහල් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 39.4 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 116 ක් පමණි.

 

ශාන්ත ජෝෂප් විදුහල - ඕවර 39.4 කදී සියලු දෙනා දැවී 116
(දිලේෂ් පෙරේරා 48, අම්ෂි ද සිල්වා 32/7, දිලුම් සුධීර 29/3)

රිච්මන්ඞ් විදුහල - ඕවර 36.4 කදී කඩුලු 8 ක් දැවී 120  
(භානුක මනෝහාර 30, තවීෂ අභිෂේක් 20, අෂේන් ඩැනියෙල් 27/4)


-036

 


අදහස් (0)

රිච්මන්ඩ් විදුහල අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.