Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket යොවුන් පිලේ බලාපොරොත්තු බොඳවෙයි

යොවුන් පිලේ බලාපොරොත්තු බොඳවෙයි

රොෂාන් ගුණරත්න - 2020 ජන මස 23 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් සංවිධානය කරන යොවුන් ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට සිදුව තිබේ. මීට වසර දෙකකට ඉහතදී නවසීලන්තයේදී පැවැති යොවුන් ලෝක කුසලාන තරගාවලියේත්  මූලික වටයෙන් පසුව කුසලාන තරගාවලියෙන් ඉවතට විසිවූ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට පිට පිට දෙවැනි වතාවටත් එකම ඉරණම අත්විඳින්නට සිදුවිය.

මූලික වටයේ කණ්ඩායම් 16 ක් කාණ්ඩ 4 ක් යටතේ ක්‍රීඩා කරන අතර ‘ඒ’ කාණ්ඩයෙන් තරග කරන ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ඉන්දියාව සහ නවසීලන්තය හමුවේ පළමු තරග 2 දීම පරාජයට පත්විය. ඉතිරිව ඇත්තේ ජපාන යොවුන් කණ්ඩායමට එරෙහිව අනිද්දා (25 වැනිදා) පැවැත්වෙන තරගය පමණි.

ඒ ඒ කාණ්ඩයන්හී ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගන්නා අතර ප්‍රසාද ලකුණු සටහනේ පහළම සිටින කණ්ඩායම් දෙක පළඟ ශූරතා තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගනු ඇත.

යොවුන් ලෝක කුසලාන තරගාවලිය මෙවර 13 වැනි වරටත් පැවැතියද ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ශූරතාව හිමිකර ගැනීමට මෙතෙක් සමත්වී නැත. 2012, 2018 සහ 2020 වසර වලදී මූලික වටයෙන්ම ඉවත්වීමට ඔවුන්ට සිදුවිය.

අවස්ථා 7 කදී අර්ධ අවසන් පූර්ව වටයෙන් ඉවතට විසිවු ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම 2010 සහ 2016 වසර වලදී අවසන් පූර්ව වටය දක්වා පැමිණීමට සමත්විය. සත්කාරකත්වය දැරූ 2000 වසරේදී අවසන් මහ තරගය දක්වා පැමිණි ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම, ඉන්දීය යොවුන් කණ්ඩායම හමුවේ ලැබූ කඩුලු 6 ක පරාජයත් සමගින් අනුශූරතාවයෙන් සෑහීමට ඔවුන්ට සිදුවිය.


අදහස් (1)

යොවුන් පිලේ බලාපොරොත්තු බොඳවෙයි
  • SK Friday, 24 January 2020 03:02 AM

    පන්දමට ක්‍රීඩකයින් තේරීමේ ප්‍රතිවිපාක තමා මේ.......

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.