Last Update  :  2024-03-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයෝ අද නැවත වීසා ඉල්ලති

යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයෝ අද නැවත වීසා ඉල්ලති

යොහාන් භාසුර - 2019 දෙසැ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A



ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිලේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයට පිටත්ව යෑම සඳහා ඇමරිකානු වීසා නොලැබුණු ක්‍රීඩකයන් හත් දෙනාගෙන් සිවුදෙනකු වෙනුවෙන් හෙට (03) නැවතත් වීසා අයැදුම්පත් ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකු පැවසීය.

බටහිර ඉන්දීය කොදෙව්හිදී මේ මස 6 වැනිදා ආරම්භ වන තුන්කොන් ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා යොවුන් පිල පසුගිය 29 වැනිදා පිටත්ව යෑමට නියමිතව තිබුණ ද ක්‍රීඩකයන් හත්දෙනකුට වීසා නොලැබීම නිසා පිටත්ව යෑම කල්දැමීමට සිදුවිය.

එහිදී ශ්‍රී ලංකා යොවුන් පිලේ ප්‍රධාන ක්‍රීඩකයන් සිවුදෙනකුගේ වීසා ප්‍රතික්ෂේප වී තිබුණි.

“කණ්ඩායමේ අනිවාර්යෙන්ම සිටිය යුතු ක්‍රීඩකයන් සිවුදෙනකු වෙනුවෙන් අද නැවතත් විසා ඉල්ලනවා. ඔවුන්ට වීසා ලැබුණ හොත් සංචාරයට පිටත්ව යන්න පුළුවන්” යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.
මෙම සංචාරයට ක්‍රීඩකයන් 15 දෙනකුගෙන් යුත් සංචිතයක් පිටත්ව යෑමට නියමිතව සිටි අතර ඉන් අට දෙනකුට පමණක් වීසා ලැබුණි.


අදහස් (0)

යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයෝ අද නැවත වීසා ඉල්ලති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.