Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මෝගන් රෝහලේ

මෝගන් රෝහලේ

editorial - 2019 මැයි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අද (24 වැනිදා) උදෑසන පුහුණුවීම් අතරතුරදී වම් අතේ දබරඟිල්ල ආබාධයකට ලක්වූ එංගලන්ත නායක ඔයින් මෝගන් වැඩි ආරක්ෂාවට එක්ස් කිරණ පිටපතක් ලබාගැනීමට රෝහල් ගතවී ඇති බව එංගලන්ත ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළේය. සදම්ටන්හී ‘ඒජස් බෝල්’ ක්‍රීඩාංගණයේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව හෙට පැවැත්වෙන පුහුණු තරගය සඳහා සිය සගයින් සමගින් පුහුණුවීම් වල නිරතව සිටියදී උඩපන්දුවක් රැකගැනීමට යාමේදී මෙම අනතුර සිදුවී ඇත.

“අද උදෑසන පුහුණුවීම් අතරතුර අනතුරකට ලක්වූ ඔයින් මෝගන්ගේ වම් අතේ දබරඟිල්ල බිදී ගියා. පුහුණුවීම් වලින් අනතුරුව වැඩි ආරක්ෂාවට එක්ස් කිරණ පිටපතක් ලබාගැනීමට ඔහු රෝහලට ගියා” යයි එංගලන්ත ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකයෙක් පැවසීය.

32 හැවිරිදි මෝගන් ඇතුලුව සගයින් 14 දෙනෙකු සමගින් හැම්ප්ෂයර්හිදී පෙර පුහුණුවීම් වල නිරතවුවද පෞද්ගලික හේතුවක් මත ජෝ රූට් ඊට සහභාගී නොවීය. මෝගන්ගේ නායකත්වය යටතේ එංගලන්ත කණ්ඩායම මේ වනවිට එක්දින ශ්‍රේණිගත කිරීම්හී පෙරමුණේ පසුවන අතර පිතිකරු බලඇණිය ශක්තිමත් කිරීමේදී ඔහු නැතිවම බැරි ක්‍රීඩකයෙකි.

ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් දකුණු අප්‍රිකාවට එරෙහිව පළමු තරගයට එංගලන්තය මැයි 30 වැනිදා සහභාගී වන්නේය.

...


අදහස් (0)

මෝගන් රෝහලේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.