Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මුෂ්ෆිකුර් රහීම්ගෙන් ද්විත්ව ශතකයක්

මුෂ්ෆිකුර් රහීම්ගෙන් ද්විත්ව ශතකයක්

editorial - 2020 පෙබ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර ඩකාහි ශ්‍රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී සිය තෙවැනි ද්විත්ව ශතකය ලබාගැනීමට බංග්ලාදේශයේ මුෂ්ෆිකුර් රහීම් (නොදැවී 203) සමත් විය.

රහීම්ගේ ද්විත්ව ශතකය හේතුවෙන් බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 6 ක් ලකුණු 560 ක් ලබාගත් අතර ඉන් අනතුරුව ඉනිම අත්හිටුවා සිම්බාබ්වේ කණ්ඩායමට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදීම සඳහා ආරාධනා කර සිටියේය.

නායක මොමිනුල් හක් (132) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 222 ක වාර්තාගත සම්බන්ධතාවක් ගොඩනැගීමටද රහීම් සමත් විය. රහීම්ගේ ද්විත්ව ශතකය හතරේ පහර 28 කින් සමන්විත වූ අතර මොමිනුල්ගේ නමවැනි ටෙස්ට් ශතකයට හතරේ පහර 14 ක් ඇතුළත් විය.

ඉන් නොනැතුණ රහීම්, හයවැනි කඩුල්ල වෙනුවෙන් ලිටන් දාස් (53) සමග එක්ව ලකුණු 111 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් බංග්ලාදේශ ඉනිමේ ලකුණු සංඛ්‍යාව 500 සීමාවෙන් ඔබ්බට ගෙන ගියේය. දාස්ගේ පස්වැනි ටෙස්ට් අර්ධ ශතකයට හතරේ පහර 5 ක් අන්තර්ගත විය.

තෙවැනි දිනය සඳහා අද (24 වැනිදා) තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 9 ක් ලබා බංග්ලාදේශ කණ්ඩායමට වඩා තවත් ලකුණු 286 ක් පසුපසින් සිටියේය.


සිම්බාබ්වේ පළමු ඉනිම - සියලු දෙනා දැවී 265
(ප්‍රින්ස් මසවුරේ 64, ක්‍රෙග් අර්වින් 107, සිකන්දර් රාසා 18, රේගිස් චකබ්වා 30, නයීම් හසන් 70/4, අබූ ජයේද් 71/4, තයිජුල් ඉස්ලාම් 90/2)

බංග්ලාදේශ පළමු ඉනිම - කඩුලු 6 ක් දැවී 560
(ටමීම් ඉක්බාල් 41, නජ්මුල් හොසේන් 71, මොමිනුල් හක් 132, මුෂ්ෆිකුර් රහීම් නොදැවී 203, ලිටන් දාස් 53, ඒන්ස්ලි ඞ්ලොව් 170/2)

සිම්බාබ්වේ දෙවැනි ඉනිම - කඩුලු 2 ක් දැවී 09


 

-036

 


අදහස් (0)

මුෂ්ෆිකුර් රහීම්ගෙන් ද්විත්ව ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.