Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මුම්බායිලා ලසිත් මාලිංග නිදහස් කරයි

මුම්බායිලා ලසිත් මාලිංග නිදහස් කරයි

editorial - 2021 ජන මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් 14 වැනි තරගාවලියේදී මුම්බායි ඉන්දියන්ස් පිලෙන් ලසිත් මාලිංග නිදහස් කිරීමට මුම්බායි කළමණාකාරීත්වය පියවර ගෙන තිබේ. වසර 11 ක කාළයක් පුරා මුම්බායි ඉන්දියන් පිල වෙනුවෙන් ක්‍රීඩාකළ ලසිත් මාලිංග ඉවත්කළ පළමු අවස්ථාව මෙය වන්නේය.

2018 වසරේදී ආබාධයක් හේතුවෙන් මුම්බායි ඉන්දියන්ස් පිලට ක්‍රීඩා නොකළ මාලිංග පන්දු යැවීමේ උපදේශකයෙකු ලෙස මුම්බායි පිලට සේවය කළේය. නැවතත් 2019 වසරේදී මුම්බායි ඉන්දියන්ස් පිලට ක්‍රීඩා කළ මාලිංග ඔවුන්ට කුසලානය දිනා දුන්නේ අවසන් ඕවරයේ අවසන් පන්දුවේදී කඩුල්ලක් දවාගනිමිනි. නමුත් තම පියා අසනීප වීම හේතුවෙන් 2020 තරගාවලියේදී මාලිංග අයි.පී.එල්. තරගාවලියෙන් ඉවත්විය.

මුම්බායි ඉන්දියන්ස් පිල වෙනුවෙන් තරග 122 කට ක්‍රීඩාකර ඇති මාලිංග එහිදී කඩුලු 170 ක් දවාගනිමින් අයි.පී.එල් ඉතිහාසයේ වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නන් අතර පෙරමුණේ පසුවන්නේය. එමෙන්ම විරාට් කෝලීට පසුව එකම කණ්ඩායමක් වෙනුවෙන් වැඩිම කාළයක් ක්‍රීඩාකළ ක්‍රීඩකයා ලෙස මාලිංග වාර්තා පොත් අතරට එක්වන්නේය.

පළමු වරට පසුගිය වසරේදී ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සමගින් එක්වූ ඉසුරු උදානද රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිලෙන් නිදහස් කර ඇත. එහිදී තරග 10 කට ක්‍රීඩාකළ උදාන කඩුලු 8 ක් දවාගැනීමට සමත්වී ඇත.

- 2079

 


අදහස් (0)

මුම්බායිලා ලසිත් මාලිංග නිදහස් කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.