Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මුම්බායි හෝටලයකින් බුකිකරුවෝ 3 ක්

මුම්බායි හෝටලයකින් බුකිකරුවෝ 3 ක්

editorial - 2021 මැයි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂණ මර්ධන ඒකකයේ උපදෙස් මත බුකිකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට මුම්බායි පොලිසිය පියවර ගෙන තිබේ. පර්වේෂ් බෆ්නා, ආයුශී කේසර්කාර් සහ චේතන් සලීචා අත්අඩංගුවට ගත් බුකිකරුවෝ තිදෙනා වෙති.

අයි.පී,එල්. තරගාවලියට ක්‍රීඩාකළ රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම ලැගුම් ගෙන සිටි, මුම්බායි නුවර හෝටයේ කාමරයක සිට මෙම තිදෙනා තමන්ගේ ‘බුකිය’ පවත්වාගෙන ගොස් තිබේ.

මෙම තිදෙනා සමගින් ඉන්දීය රුපියල් 97,000 ක්, ජංගම දුරකතන 8 ක්, ලැප් ටොප් යන්ත්‍රයක් සහ ඉතා මිල අධික මෝටර් රථයක්ද මුම්බායි පොලිසිය විසින් අත්අඩංගුවට ගනුලැබ ඇත.

“රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නැවතී ඉන්න හෝටලයට තුන්දෙනෙක් ඇතුළු වුණා කියලා අපේ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන්ට ඔත්තුවක් ලැබුණා. ක්‍රීඩකයන්ගේ ජෛව බුබුල සඳහා මේ වන විට තියෙන  දැඩි නීති රීති නිසා ඒ කිසි කෙනකුට ක්‍රීඩකයන්ට හෝ කණ්ඩායමේ සහාය කාර්යමණ්ඩලයේ නිලධාරීන්ට කිට්ටු වෙන්න ලැබුණේ නෑ. ඒත් ඔවුන් උත්සාහ කළා”

“ඒත් අපේ (ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂණ මර්ධන ඒකකයේ) නිලධාරීන් ඉක්මනින්ම අපව දැනුවත් කළා. අපි මුම්බායි පොලිස් කොමසාරිස්වරයාට ඒ පිළිබඳව දැනුම් දුන්නා” යයි ඒකකයේ ප්‍රධානී, ශබීර් හුසේන් කන්ද්වවාලා මහතා ඉන්දීය මාධ්‍ය වෙත පැවසීය.

“ඒ තුන්දෙනාම රාජස්තානයෙන් ආ අය. ඔවුන්ගෙන් දෙදෙනෙක් මීට පෙරත්, දේශීය තරග වලදී ක්‍රීඩකයන් හා සම්බන්ධ වීමට උත්සාහ දරා තිබෙන බව අපේ වාර්තාවලින් පෙන්නුම් කරනවා” යයිද දූෂණ මර්ධන ඒකකයේ  ප්‍රධානියා පැවසීය.

මෙම අත්අඩංගුවට ගැනීම සිදුවෙද්දීත් රාජස්තාන් කණ්ඩායම හෝටලයේ නවාතැන් ගෙන සිට ඇත. එහෙත් ඒ සම්බන්ධයෙන් ඔවුන් කිසිවකු කිසිවක් දැන සිට නැත. අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ඉතාමත් හොර රහසේ කර තිබේ.

මේ අතර අයි.පී.එල්. තරගාවලිය පැවැත්වෙද්දී අහමදාබාද් සහ නවදිල්ලි නගර වලින්ද බුකි කරුවන් කිහිපදෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

 

 


අදහස් (0)

මුම්බායි හෝටලයකින් බුකිකරුවෝ 3 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.