Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මුම්බායි බියකරු සිහින නිර්මාණයට සැරසෙයි

මුම්බායි බියකරු සිහින නිර්මාණයට සැරසෙයි

editorial - 2021 අප්‍රේ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියන් ප්‍රීමියර් ලීග් තරගාවලිය ආරම්භ කරමින් වත්මන් ශූරයන් වන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ මංගල ශූරතාවය දිනාගැනීමේ බලාපොරොත්තුවෙන් පසුවන රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් අතර තරගය චෙන්නායිහිදී අද (9 වැනිදා) පැවැත්වීමට නියමිතය. කොරෝනා වසංගතය හේතුවෙන් තරගාවලිය නැරඹීමට ප්‍රේක්‍ෂකයන් නොපැමිණියද දෙපාර්ශවයේම ප්‍රවේගකාරී පිතිකරුවන් සිටින බැවින් පන්දු යවන්නන්ට නම් ගැලවීමක් නොවනු ඇත.

රෝහිත් ෂර්මාට ආරක්ෂා කිරීමට දෙයක් තිබේ. එහෙත් විරාට් කෝලි එය හිමිකර ගැනීමේ බලාපොරොත්තුවෙන් පසුවන්නේය.

මාස පහක කාලයක් තුළ අයි.පීඑල් තරගාවලි දෙකක් පැවැත්වීම සියලුම පාර්ශවකරුවන්ට සුදුසු තත්වයක් නොවේ. එහෙත් කොවිඩ්-19 දෙවන රැල්ලෙන් පීඩාවට පත්ව සිටින රසිකයින්ට සිය නිවෙස් වල රැඳී නරඹීමට යමක් තිබීම තරමක් සහනයට කාරණාවකි.

ඉන්දියාවේ මේ දිනවල, දිනයකදී කොරෝනා රෝගීන් ලක්ෂයක් හමුවෙයි. එහෙත් අයි.පී.එල්. තරගාවලිය දිගහැරීමත් සමගම වැඩි දෙනාගේ අවධානය දැවැන්ත හයේ පහර, කුසලතා පිරි නව ක්‍රීඩකයන් සොයා ගැනීම ගැන කතාවනු ඇත.

අවස්ථා කිහිපයකදී ක්‍රීඩකයින් සහ සහායක කාර්ය මණ්ඩලය අතරින් කොරෝනා රෝගීන් සොයා ගත්තද,  දැඩි ජෛව බුබුලක් ඇති බැවින්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පෙර තරගාවලිය මෙන් ඉතා සියුම්ව තරගාවලිය දිගහැරෙනු ඇති බව ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලය විශ්වාසය පළ කරයි. යමෙකු ඉදිරිය දෙස බැලුවහොත්, අයි.පී.එල්. හි 14 වන තරගාවලිය මෙන්ම විස්සයි20 ලෝක කුසලාන තරගාවලියද එකම වර්ෂයකදී ඉන්දියාවේදී පැවැත්වෙන බැවින් එහි වැඩි වෙනසක් නොපෙනෙනු ඇත.

මුම්බායි පිල වෙනුවෙන් රෝහිත් අසමත් වුවහොත් ක්වින්ටන් ඩි‘කොක් නිසැකවම සාර්ථක වනු ඇත. දෙදෙනාම අසමත් වුවහොත්, ඉෂාන් කිෂාන් හෝ සූර්යකුමාර් යාදව්ට ප්‍රතිවාදීන් බිය ගැන්විය හැකිය. පිතිකරු ලයිස්තුවේ ඉහළ කොටස රැල්ලට ගසාගෙන ගියහොත්, පාණ්ඩ්‍ය සහෝදරයන් (හර්දික් සහ කෘනාල්) ප්‍රතිවාදීන්ට එරෙහිව නැගී සිටිනු ඇත.

කිරන් පොලාර්ඩ් වෙතින් සෑම විටම අපේක්ෂා කරනුයේ දැවැන්ත පහරය. ඊට අමතරව ලකුණු ඉතිරි කර චෙන්නායි තණතීරුවට ගැලපෙන වේගයේ වෙනසක් ද ගෙන එමින් පන්දුවෙන්ද දස්කම් දක්වනු ඇත. ටේ‍රන්ට් බෝල්ට් පන්දුව දෝලනය කරමින්ද, රාහුල් චහාර් ගුග්ලි පන්දුවෙන්ද පිතිකරුවන්ට හිසරදය ගෙනෙනු ඇත.

මුම්බායි ඉන්දියානුවන් පරාජය කළ හැක්කේ ඔවුන්ගේ නරක දිනවලදී පමණක් වන අතර හොඳ දිනවල ඔවුන් බියකරු සිහිනයක් වනු ඇති බව එංගලන්තයේ හිටපු නායක මයිකල් වෝන් දැනටමත් අනතුරු අඟවා තිබේ.

රෝහිත්ගේ ප්‍රතිවිරුද්ධ නායකයා වන විරාට් කෝලී මෙම තරගාවලියේ සිට ආරම්භක පිතිකරුවා ලෙස ක්‍රීඩා කිරීමට සූදානම්ය. ග්ලෙන් මැක්ස්වෙල් යළිත් කණ්ඩායමට තෝරාගෙන ඇති අතර නවසීලන්තයේ කයිල් ජැමීසන් එක රැයකින් කෝටිපතියෙකු බවට පත් වූයේ මෙම තරගාවලියේදී ඔහුට තිබූ දැවැන්ත ඉල්ලුම හේතුවෙනි. ආරම්භයේදී ලක්ෂ 75 කට ලන්සුවක් තැබුණු ජැමීසන්ගේ වෙන්දේසිය නිමාවූයේ ඉන්දීයානු රුපියල් කෝටි 15 කිනි. දේව්දූත් පඩික්කල් ඔහුගේ දෙවන වාරයේ දී වඩාත් විශ්ලේෂණය කෙරෙන අතර යුස්වේන්ද්‍ර චාහාල්ගෙන් ඉදහිට දකින්නට ලැබෙන දක්ෂතාවයන් අහිමි වී ඇති බව පෙනේ.
මොහොමඩ් සිරාජ් සහ නවදීප් සයිනි මේ වසර මුලදී ඕස්ට්‍රේලියාවේ දී දස්කම් දැක්වුවද ලෝක කුසලාන කණ්ඩායමේ තැනක් දිනාගැනීමට නම් මෙවර තරගාවලිය තීරණාත්මක වනු ඇත.

මුම්බායි ඉන්දියන්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් අතර මේ දක්වා තරග 29 ක් පවත්වා ඇති අතර ඉන් තරග 19 ක් ජයගැනීමට මුම්බායි පිල සමත්වී තිබේ. තරග 10 ක් ජය ගැනීමට බැංගලෝර් පිල සමත්වී ඇත. දෙපිළ අතර පැවැති අවසන් තරග 5 ම ජයගැනීමට මුම්බායි පිල සමත්වී ඇත.


අද තරගය ක්‍රීඩාකරනු ඇතැයි සැලකෙන ක්‍රීඩකයින්

මුම්බායි ඉන්දියන්ස්ඃ
රෝහිත් ෂර්මා (නායක), ක්‍රිස් ලයන්, සූර්යකුමාර් යාදව්, ඉෂාන් කිෂාන්, කරන් පොලාඩ්, හර්දික් පාණ්ඩ්‍යා, කෘනාල් පාණ්ඩ්‍යා/අර්ජුන් තෙන්ඩුල්කාර්, ඇඩම් මිල්නේ/මාර්කෝ ජැන්සන්, රාහුල් චාහර්/පියුෂ් චව්ලා, ජස්ප්‍රීට් බුම්රා, ටේ‍රන්ට් බෝල්ට්.


රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්
විරාට් කෝලී (නායක), දෙව්දූත් පඩික්කාල්, ඒ.බී.ඩිවිලියර්ස්, ග්ලෙන් මැක්ස්වෙල්, මොහොමඩ් අසරුඩීන්, ඩැනියල් ක්‍රිස්ටියන්, වොෂින්ටන් සුන්දර්, කයිල් ජේමීසන්, නව්දීප් සයිනි, මොහොමඩ් සිරාජ්, යුස්වේන්ද්‍ර චාහල්

 


අදහස් (0)

මුම්බායි බියකරු සිහින නිර්මාණයට සැරසෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.