Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මුම්බායි ඉන්දියන්ස් පළමු ජය ලබයි

මුම්බායි ඉන්දියන්ස් පළමු ජය ලබයි

editorial - 2020 සැප් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රෝහිත් ශර්මාගේ (80) පිතිහරඹයත්, පන්දු යවන්නන්ගේ විශිෂ්ඨ පන්දු යැවීමත් හේතුවෙන් කොල්කටා නයිට් රයිඩර්ස් පිලට එරෙහිව අබුඩාබිහිදී පැවැති 5 වැනි තරගයේදී ලකුණු 49 ක් ජයක් හිමිකර ගැනීමට මුම්බායි ඉන්දියන්ස් පිල ඊයේ (23 වැනිදා) සමත්විය.

කාසියේ වාසිය දිනාගත් කොල්කටා නයිට් රයිඩර්ස් පිල පළමුව පන්දුවට පහරදීම සඳහා මුම්බායි ඉන්දියන්ස් පිලට ආරාධනා කළ අතර ඕවර 20 අවසානයේදී කඩුලු 5 ක් දැවී ලකුණු 195 ක් රැස්කිරීමට ඔවුන් සමත්වූහ.

වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු පන්දු 54 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 80 ක් රැස්කිරීමට සමත්වූ නායක රෝහිත් ශර්මා දෙවැනි කඩුල්ල සඳහා සූර්යකුමාර් යාදව් සමගින් එක්ව පන්දු 57 කදී ලකුණු 90 ක සම්බන්ධතාවයක්ද ගොඩනැගීය. සූර්යකුමාර් යාදව් පන්දු 28 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 47 ක් ලබාගත්තේය.

ශිවම් මාවී එක් නිලකුණු ඕවරයක් සමගින් සිය ඕවර 4 ලකුණු 32 කට සීමාකරමින් කඩුලු 2 ක් දවාගැනීමට සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 196 ක ඉලක්කයක් හඹාගිය කොල්කටා නයිට් රයිඩර්ස් පිලට ඕවර 20 අවසානයේදී කඩුලු 9 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 146 ක් පමණි.

නායක දිනේෂ් කාර්තික් ලකුණු 30 ක් සහ නිතිෂ් රානා ලකුණු 24 ක් රැස්කළද සෙසු පිතිකරුවන්ගේ දුර්වල පිතිහරඹය හේතුවෙන් කොල්කටා නයිට් රයිඩර්ස් පිලට පරාජය වැළඳ ගැනීමට සිදුවිය. පසුපෙළ පිතිකරු පැට් කමින්ස් ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වෙනමින් පන්දු 12 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 33 ක් ලබාගත්නා විට ජයග්‍රහණය ඔවුන්ගෙන් ගිලිහි ගොස් අවසන්ය.

ජේම්ස් පැටින්සන්, රාහුල් චාහර්, ටේ‍රන්ට් බෝල්ට් සහ ජස්ප්‍රීට් බුම්රා කඩුලු 2 බැගික් දවාගනිමින් මුම්බායි ඉන්දියන්ස් පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.


මුම්බායි ඉන්දියන්ස් පිල - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 195
(රෝහිත් ශර්මා 80, සූර්යකුමාර් යාදව් 47, සෞරබ් තිවාරී 21, ශිවම් මාවී 32/2)

කොල්කටා නයිට් රයිඩර්ස් පිල - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 146
(දිනේෂ් කාර්තික් 30, නිතිෂ් රානා 24, පැට් කමින්ස් 33, ජේම්ස් පැටින්සන් 25/2, රාහුල් චාහර් 26/2, ටේ‍රන්ට් බෝල්ට් 30/2, ජස්ප්‍රීට් බුම්රා 32/2)

(ඡායාරූප - අයි.පී.එල්. නිලවෙබ්අඩවිය අනුග්‍රහයෙනි)

- 2079

 


අදහස් (0)

මුම්බායි ඉන්දියන්ස් පළමු ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.