Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මුතුමුදලිගේ කුවේටයේ පුහුණුකරු තනතුරට

මුතුමුදලිගේ කුවේටයේ පුහුණුකරු තනතුරට

Nisanka Sandeepani - 2019 අප්‍රේ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවේ හිටපු එක්දින ක්‍රිකට් ක්‍රීඩකයකු වන මුතුමුදලිගේ පුෂ්පකුමාර මහතා කුවේට් රාජ්‍යයේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත්කර තිබේ. මුතුමුදලිගේ මහතා කෝල්ට්ස් ක්‍රිකට් සමාජයේ පුහුණුකරු ලෙස වසර කීපයක් කටයුතු කරමින් සිටියේය. 

දශකයකට පමණ පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියේ ප්‍රබල පිට දඟ පන්දු යවන්නකු වූ මුතුමුදලිගේ පුෂ්පකුමාර ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල ද නියෝජනය කළේය. ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජය නියෝජනය කළ ඔහු පුහුණුකරුවකු ලෙස කෝල්ට්ස් ක්‍රීඩා සමාජයට ශූරතා රැසක් ගෙන ඒමට දායක විය. 

කොළඹ ආනන්ද විදුහලේ ආදි ශිෂ්‍යයකු වන 37 හැවිරිදි පුෂ්පකුමාර මහතා එක්දින තරග තුනකදී සහ විස්සයි20 තරගයකදී ශ්‍රී ලංකා පිල නියෝජනය කර තිබේ. 
 

- 048

 


අදහස් (0)

මුතුමුදලිගේ කුවේටයේ පුහුණුකරු තනතුරට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.