Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මැතිව්ස් - ධනංජය සාර්ථක සම්බන්ධතාවක

මැතිව්ස් - ධනංජය සාර්ථක සම්බන්ධතාවක

editorial - 2020 ජන මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ටෙස්ට් ඉනිම හතකට පසුව අර්ධ ශතකයක් ලබාගත් කුසල් මෙන්ඩිස්ගේ ඉවසිලිවන්ත පිතිහරඹයත් ඇන්ජලෝ මැතිව්ස්ගේ අර්ධ ශතකයත් නිසා හරාරේ නුවරදී පැවැත්වෙන පලමු ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වූ අද (21 වැනිදා) තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය මුල් ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 295 ක් ලබා සිටියේය. 

සිම්බාබ්වේ පිල මුල් ඉනිමේදී ලකුණු 358 ක් ලබාගත් හෙයින් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක් අතැතිව තවත් ලකුණු 63 ක් පසුපසින් සිටින අතර දැඩි පීඩනයක් යටතේ ලකුණු රැස්කිරීමට පිතිකරුවන්ට සිදුවී තිබිණ. කෙසේ වෙතත් හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් නැවතත් ලකුණු අතරට පිවිසෙමින් හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් සමග නොදැවී ලකුණු 92 ක් ලබා සිටියේය. 

දිනය නිමාවන විට ධනංජය ද සිල්වා (42) සමග එක්ව ශ්‍රී ලංකා ඉනිමේ පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 68 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගීමටද මැතිව්ස් සමත්ව සිටි අතර සිය 6 වැනි ටෙස්ට් අර්ධ ශතකය පෙනෙන මානයේ සිටි ධනංජය හතරේ පහර 5 කින් සිය ඉනිම සරසා තිබිණ.  

පන්දු 163 කට මුහුණ දුන් 24 හැවිරිදි මෙන්ඩිස් හතරේ පහර 8 කින් සිය ඉනිම සැරසූවද කලබලවීම හේතුවෙන් තමන්ට පෙනි පෙනී තිබූ ශතකය අහිමි කරගත්තේය. සිය මංගල ටෙස්ට් තරගයට සහභාගි වන වික්ටර් නිව්චිගේ පන්දුවක් කඩුල්ලෙන් ඉවතට ඇදී යද්දී එය හඹා ගිය මෙන්ඩිස් ගැසූ පහරකින් පළමු ස්ලිප්හි සිටි බ්‍රෙන්ඩන් ටේලර්ට උඩපන්දුවක් ලැබිණ. 

මෙන්ඩිස්ගේ දැවීයෑමෙන් අනතුරුව පිටියට පිවිසි දිනේෂ් චන්දිමාල්ට වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට නොහැකි වූ අතර ෂෝන් විලියම්ස්ගේ පන්දුවක් හමුවේ ඔහු අතටම උඩ පන්දුවක් දෙමින් දැවීයන විට චන්දිමාල් ලබා සිටියේ ලකුණු 12 ක් පමණි. පෙරවරුවේදී ශ්‍රී ලංකා නායකයාගේ කඩුල්ල දවාගත් නිව්චිට අද සාර්ථක දවසක් විය. තේ පානය දක්වා ඕවර 19 ක් යැවූ වේග පන්දු යවන්නා ලකුණු 32 කට කඩුලු 2 ක් දවාගත්තේ නිලකුණු ඕවර 6 ක් සටහන් කරමිනි.

කරුණාරත්න දැවී යාමෙන් පසුව එක්වූ ඇන්ජලෝ මැතිව්ස් සහ මෙන්ඩිස් දෙදෙනා තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 92 ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ. ඒන්ස්ලි එන්ලෝව්ට දැවැන්ත හයේ පහරකින් සංග්‍රහ කරමින් ලකුණු 49 ට පිවිසි මැතිව්ස් ඊළඟ පන්දුවේදී තනි ලකුණක් ලබාගනිමින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කළේය. පන්දු 154 කින් පැමිණි මෙම අර්ධ ශතකය ඔහුගේ 35 වැනි ටෙස්ට් අර්ධ ශතකය විය. 

 

ලකුණු පුවරුව 

සිම්බාබ්ව් - පළමු ඉනිම - 358 යි

(ප්‍රින්ස් මසාවුරේ 55, කෙවින් කසූසා 63, ක්‍රෙග් අර්වින් 85, සුරංග ලක්මාල් 53/3, ලසිත් ඇඹුල්දෙණිය 114/5)

ශ්‍රී ලංකාව - පළමු ඉනිම 

දිමුත් කරුණාරත්න - ඇ. එන්ලෝව් ප.නිව්චි 37

ඕෂධ ප්‍රනාන්දු - ප.ටිරිපානෝ 21

කුසල් මෙන්ඩිස් - ඇ.ටේලර් ප.නිව්චි 80

ඇන්ජලෝ මැතිව්ස්  - නොදැවී 92

දිනේෂ් චන්දිමාල් - ඇ. සහ ප.විලියස්ම් 12

ධනංජය ද සිල්වා - නොදැවී 42

අතිරේක 11

එකතුව ඕවර 106 කදී කඩුලු 4 ක් දැවී 295

කඩුලු වැටීම : 

1-32 (ඕෂධ ප්‍රනාන්දු), 2-92(කරුණාරත්න), 3-184(කුසල් මෙන්ඩිස්), 4-(චන්දිමාල්) 

පන්දුවට පහර දීමට සිටින පිතිකරුවෝ

නිරෝෂන් දික්වැල්ල, සුරංග ලක්මාල්, ලසිත් ඇඹුල්දෙණිය, කසුන් රාජිත සහ ළහිරු කුමාර

පන්දු යැවීම : 

කයිල් ජාවිස් : 25-10-52-0, වික්ටර් නිවුචි : 22-6-38-2, ඩොනල්ඞ් ටිරිපානෝ : 20-3-51-1, ඒන්ස්ලි එන්ලෝව් : 14-2-52-0, ෂෝන් විලියම්ස් : 20-2-67-1, සිකන්දර් රාසා : 5-0-28-0 


අදහස් (0)

මැතිව්ස් - ධනංජය සාර්ථක සම්බන්ධතාවක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.