Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මාස හතරක සාංකාව වැස්සෙන් තවත් දිගුවෙයි

මාස හතරක සාංකාව වැස්සෙන් තවත් දිගුවෙයි

editorial - 2020 ජුලි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සදම්ටන්, 2020 ජූලි 8 (ඒඑෆ්පී)  

ක්‍රිකට් තරගයක සජීවී දසුනක් දැකගැනීම සඳහා මාස හතරක් පුරා නොයිවසිල්ලෙන් බලා සිටි ක්‍රිකට් ලෝලීන්ගේ තැවුල තවදුරටත් දීර්ඝ කරමින් එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගයේ ආරම්භය ප්‍රමාද කිරීමට වර්ෂාව අකාරුණික විය. මෙම තරගය එංගලන්තයේ සවුත්හැම්ප්ටන් හිදී අද (8 වැනිදා) පස්වරුවේදී ආරම්භ වීමට නියමිතව තිබිණ.

සිහින් වැසිපොද වැටෙද්දී, සදම්ටන් තණතීරුව සම්පූර්ණයෙන් ආවරණය කිරීමට පියවර ගැණුනු අතර ග්‍රිනිජ් වේලාවෙන් පෙරවරු 9.30 කාසියේ වාසිය උරගා බැලීමට නියමිතව තිබුණද එයත් ප්‍රමාද කෙරිණ.

කොරෝනා වයිරසය පැතිරීම වැලැක්වීම සඳහා ගෙන ඇති පියවර හේතුවෙන් මෙම තරගය නැරඹීමට ප්‍රේක්ෂකයන්ට අවසර නැත.

පන්දු යවන්නන්ට මෙන් ක්‍රීඩකයන්ටත් කොන්දේසි රාශියකි. පන්දුව ඔප දැමීම සඳහා ඛේඨය භාවිතා කිරීමට පන්දු යවන්නන්ට අවසර නැත. තරගයේ විනිසුරුවරුන් ලෙස මෙතෙක් කලක් සිටි මධ්‍යස්ථ විනිසුරුවරුන් වෙනුවට දේශීය විනිසුරුවරුන් යොදා ගැනේ. මෙම තරගයේ විනිසුරුවරු ලෙස ඉංග්‍රීසි ජාතිකයන් වන රිචඩ් කෙට්ල්බරෝ සහ රිචඩ් ඉලිංවර්ත් නම්කර සිටිති.

ටෙස්ට් තරග සඳහා දේශීය විනිසුරුවරුන් දෙදෙනකු මැදිහත් වන්නේ වසර 18 ක (වසර 2002 න් පසු) ඇවෑමෙනි. තරග තීරකවරයා වශයෙන් ක්‍රිස් බ්‍රෝඩ් මහතා කටයුතු කරන අතර අද තරගය සඳහා එංගලන්ත පිල වෙනුවෙන් ස්ටුවර්ට් බ්‍රෝඩ් ක්‍රීඩා කරන්නේ නම් එකම තරගයේදී තාත්තා තරග තීරකවරයා ලෙසත් පුතා ක්‍රීඩකයකු ලෙසත් මුණ ගැසෙන පළමු අවස්ථාව එය වනු ඇත.

අන්තර්ජාතික ක්‍රිකට් තරග වලදී තරග තීරකයකු පත්කර ඇත්තේ විනය ගැටළු විසඳීම සඳහාය‍. එහෙත් තම පුතා සම්බන්ධ සිදුවීමකදී තරග තීරකවරයා කටයුතු කරන්නේ කෙසේද යන්න දෙස ලොවම බලා සිටී.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වසර 32 ක් ඇතුළතදී (1988 සිට) එංගලන්තයේදී ටෙස්ට් තරගමාලාවක් ජයගෙන නැත. එහෙත් කොදෙව්වන් විසින් විස්ඩන් කුසලාන රඳවාගනු ලැබ සිටින්නේ පසුගිය වසරේ කැරිබියන් දූපත් සමූහයේදී පැවැති තරගාවලිය 2-1 ක් ලෙස ජයග්‍රහණය කිරීමෙන් පසුවය.

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් යුරෝපයේ වැඩිම පිරිසක් (44,000 ක්) මියගිය රට වන එංගලන්තයට පැමිණීමට ජේසන් හෝල්ඩර්ගේ නායක්තවයෙන් යුත් කොදෙව් පිල නිර්භීත වී සිටී.

 - 213


අදහස් (0)

මාස හතරක සාංකාව වැස්සෙන් තවත් දිගුවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.