Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මාලිංග එක්දින ලෝක කුසලාන පිටියට සමුදෙයි

මාලිංග එක්දින ලෝක කුසලාන පිටියට සමුදෙයි

editorial - 2019 ජුලි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A



(යොහාන් භාසුර, ලීඞ්ස් හෙඩින්ලි ක්‍රීඩාංගණයේ සිට...)

ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියකදී සහභාගි වන අවසන් තරගය ඉන්දියාවට එරෙහිව හෙඩින්ලි ක්‍රීඩාංගණයේදී හෙට (05) පැවැත්වෙන මෙම තරගය වීමට බොහෝ දුරට ඉඩ තිබේ.

මෙම ලෝක කුසලාන තරගාවලිය අතරතුරදී අවස්ථාව කීපයකදී මාලිංග මෙය තම අවසන් එක්දින ලෝක කුසලාන තරගාවලිය බවත් තමන් වෙහෙසට පත්ව සිටින බවත් පවසා තිබුණි.

මෙම තරගය මාලිංගගේ අවසන් ලෝක කුසලාන තරගය ද යන ප්‍රශ්නයට නායක දිමුත් කරුණාරත්න මෙසේ පිළිතුරු සැපයීය.

“අවසන් ලෝක කුසලාන තරගාවලිය කියලා අපිට කියලා නෑ. නමුත් ඔහු විස්සයි20 ලෝක කුසලානයට ක්‍රීඩා කරනවා. ලසිත් රටට ලොකු සේවයක් කරපු කෙනෙක්. ලෝකයෙත් ගොඩක් ක්‍රීඩා කරලා තියෙනවා”

“ඔහුත් සමඟ ක්‍රීඩා කරන්න ලැබීමත් සතුටක්. මේ ලෝක කුසලානයට පෙර මම ඔහුත් එක්ක එක තරගයයි ක්‍රීඩා කරලා තිබුණේ. ඔහුත් සමඟ ටෙස්ට් ක්‍රීඩා කරලා නෑ. ඔහුගේ අවසන් කාලයේ හෝ ඔහු සමඟ ක්‍රීඩා කරන්න ලැබීම සතුටක්. මේක ඔහුගේ අවසන් ලෝක කුසලාන තරගය නම් ජයග්‍රහණයකින් අවසන් කිරීම තමයි බලාපොරොත්තුව”

මාලිංග මෙම ලෝක කුසලාන තරගාවලියේ මේ දක්වා ශ්‍රී ලංකා පිලේ කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත්වෙමින් තරග හයකදී කඩුලු 12 ක් දවාගැනීමට සමත්ව සිටියි.

දකුණතින් වේග පන්දු යවන 36 හැවිරිදි මාලිංග මේ වන විට එක්දින ජාත්‍යන්තර තරග 224 කදී කඩුලු 334 ක් දවාගැනීමට සමත්ව සිටියි.


අදහස් (0)

මාලිංග එක්දින ලෝක කුසලාන පිටියට සමුදෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.