Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මානස් ලැබුෂේන් ඕස්ට්‍රේලියාව ඔසවා තබයි

මානස් ලැබුෂේන් ඕස්ට්‍රේලියාව ඔසවා තබයි

editorial - 2021 ජන මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මානස් ලැබුෂේන්ගේ ශතකය (108) හමුවේ සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහිව බ්‍රිස්බේන්හිදී අද (15 වැනිදා) ආරම්භවූ සිවුවැනි සහ අවසන් ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියාව දිනය අවසන් වනවිට සිය පළමු ඉනිම සඳහා කඩුලු 5 ක් දැවී ලකුණු 274 ක් රැස්කර සිටියේය.

කැමරන් ග්‍රීන් ලකුණු 28 ක් සහ නායක ටිම් පේන් ලකුණු 38 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටින අතර දිනය අවසන් වනවිට 6 වැනි කඩුල්ල සඳහා 61 ක නොබිඳුණු සම්බන්ධතාවයක් පැවැත්වීමටද ඔව්හු සමත්වූහ. පන්දු යැවූ වොෂින්ටන් සුන්දර් වෙත නැවත ලබාදුන් උඩපන්දුව ගිලිහීයාම හේතුවෙන් කැමරන් ග්‍රීන්ට තවදුරටත් කඩුල්ලේ රැඳී සිටීමේ වාසනාව හිමිවිය.

සිය 5 වැනි ටෙස්ට් ශතකය ලබාගනිමින් පළමු දිනයේ වැඩි ගෞරව ඕස්ට්‍රේලියාව වෙත ගෙන ඒමට මානස් ලැබුෂේන් සමත්විය. ලකුණු 37 ක් ලබාසිටියදී ගලිහී පන්දු රකිමින් සිටි ඉන්දීය නායකය අජින්ඛ්‍යා රහනේ වෙත ලබාදුන් පහසු උඩපන්දුවක් රැක නොගැනීමේ වාසිය ලබාගත් ලැබුෂේන් පහසුවෙන් සිය ශතකය කරා ගියේය. පන්දු 204 ක් පුරා කඩුල්ලේ රැඳී සිටි ලැබුෂේන් මංගල තරගයට සහභාගිවන තංගරාසු නටරාජන්ගේ පන්දුවක් හමුවේ රිෂාබ් පාන්ට් වෙත උඩපන්දුවක් දෙමින් දැවී යනවිට ලකුණු 108 ක් රැස්කර සිටියේය.

ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් පළමු ඕවරයේදීම ලකුණකට පිටියෙන් ඉවත් කිරීමට මොහොමඩ් සිරාජ් සමත්විය. තෙවැනි ටෙස්ට් තරගයේදී ශතකයත් සහ අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ ස්ටීවන් ස්මිත් දවාගනිමින් මංගල කඩුල්ල ලබාගැනීමට වොෂින්ටන් සුන්දර් සමත්වූයේය. තංගරාසු නටරාජන්ගේ මංගල කඩුල්ල ලෙස ලකුණු 45 ක් ලබාසිටි මැතිව් වේඩ් දැවී ගියේය.

අත්දැකීම් බහුල ජේෂ්ඨ ක්‍රීඩකයන්වූ ජස්ප්‍රීට් බුම්රා, රවින්ද්‍ර ජදේජා සහ රවිචන්ද්‍රන් අශ්වින් ආබාධයන්ට ලක්වීම හේතුවෙන් නවක ක්‍රීඩකයින් සමගින් සිව්වැනි ටෙස්ට් තරගයට පිවිසීමට ඉන්දීය නායකයාට සිදුවූ අතර ඔවුන්ගේ අඩුව පිරවීමට නවක ක්‍රීඩකයින් වූ තංගරාසු නටරාජන් සහ වොෂින්ටන් සුන්දර් කණ්ඩායමට කැඳවීමට සිදුවිය.

මේ වනවිට තරගාවලිය 1-1 ක් ලෙස සම තත්වයේ පවතින බැවින් තරගාවලියේ සිවුවැනි සහ අවසන් ටෙස්ට් තරගයවූ මෙම තරගය ජය ගැනීමට කණ්ඩායමට උත්සහ දරණු ඇත.


ඕස්ට්‍රේලියාව - පළමු ඉනිම කඩුලු 5 ක් දැවී 274
(මානස් ලැබුෂේන් 108, ස්ටීවන් ස්මිත් 36, මැතිව් වේඩ් 45, කැමරන් ග්‍රීන් නොදැවී 28, ටිම් පේන් නොදැවී 38, තංගරාසු නටරාජන් 63/2)


- 2079

 


අදහස් (0)

මානස් ලැබුෂේන් ඕස්ට්‍රේලියාව ඔසවා තබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.