Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මහේල මාලදිවයිනේ

මහේල මාලදිවයිනේ

editorial - 2021 මැයි මස 07 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලිය හදිසියේම අත්හිටුවීමෙන් පසු මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු මහේල ජයවර්ධන මහතා මාලදිවයිනේ නිරෝධායනය වෙමින් සිටින බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි. ශ්‍රී ලංකාවට පැමිණීමේ සීමා අවසන් වනතුරු මහේල ජයවර්ධන මහතාට මාලදිවයිනේ රැඳී සිටීමට සිදුවනු ඇතැයි ද වාර්තාවේ.

ශ්‍රී ලංකා රජය ඊයේ (06 වැනිදා) රාත්‍රියේ නිවේදනය කළේ දින 14 ක් ඇතුළත ඉන්දියාවට ගිය කිසිම ගුවන් මගියකුට ශ්‍රී ලංකාවට ගොඩබැසීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කරන බවයි. එම තත්ත්වය අනුව අයි.පී.එල්. තරගාවලියට ගිය ශ්‍රී ලාංකිකයන් වන මහේල ජයවර්ධන මහතා සහ කුමාර් සංගක්කාර මහතා දෙදෙනාටම, නැවත ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා, මෙම තහනම ඉවත් වන තුරු බලා සිටීමට සිදුවනු ඇත.

ඕස්ටේ්‍රලියානු රජය විසින් පනවා ඇති සංචරණ සීමා මැයි 15 වනදායින් අවසන් වීමට නියමිතව ඇති ඇතත්, ශ්‍රී ලංකාවේ සංචරණ සීමා අවසන් වන්නේ කවදාද යන්න තවමත් තීරණයක් ගෙන නැතැයිද දැනගන්ට තිබේ.

කොරෝනා වයිරස් වසංගතය ඉන්දියාව පුරා සීඝ්‍රයෙන් පැතිරි යාමත් සමගින් පසුගිය අඟහරුවාදා අයි.පී.එල්. තරගාවලිය අත්හිටුවන ලදි.


- 213

 


අදහස් (1)

මහේල මාලදිවයිනේ
  • Sk Friday, 07 May 2021 06:37 AM

    සල්ලි මුල්තැනට වැටුණාම ඔහොම දේවල් වෙනවා.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.