Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මහින්දානන්දගේ කතාව ගැන විමර්ශනයක් කරන්න

මහින්දානන්දගේ කතාව ගැන විමර්ශනයක් කරන්න

නාමල් පතිරගේ - 2020 ජුනි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව දූෂණය වීමේ ආරම්භය අයි.පී.එල්. තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සහභාගි කරවීමට ගත් තීරණය බවත් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කර ඇති තරග පාවාදීමේ ප්‍රකාශය සම්බන්ධයෙන් අන්තර් ජාතික ක්‍රිකට් සභාවද හවුල් කර ගනිමින් ශ්‍රී ලංකාව විමර්ශනයක් ආරම්භ කළ යුතු බවත්, 1996 දී ලෝක කුසලාන දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරූ හිටපු ඇමැතිවරයෙකු ද වන අර්ජුන රණතුංග මහතා පවසයි.

වසර 2011දී පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය පාවාදීමකට ලක්වූ බවට එවකට ක්‍රීඩා ඇමැතිවරයා ලෙස කටයුතු කළ මහින්දානන්ද අලුත්ගමගේ මහතා කර ඇති ප්‍රකාශය පිළිබඳව ‘ලංකාදීප’ කළ විමසුමකදී ඔහු මෙසේ පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අර්ජුන රණතුංග මහතා මෙසේද පැවසීය.

“ක්‍රිකට් මේ රටේ මම අද කතාකරන්න කැමතිම නැති මාතෘකාවක්”
“අයි.පී.එල්. තරගාවලියට අපේ ක්‍රීඩකයන් යවන්න ගත් තීරණය මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණයට ආරම්භයක් දුන්නා. මොකද ක්‍රීඩකයන් මුදලට ක්‍රීඩා කරන්න ගන්න තීරණයත් එක්ක තවත් අය ක්‍රිකට් ක්‍රීඩාව සොයාගෙන ආවා” යයි කී රණතුංග මහතා....

“මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියන ආකාරයට තරග තරග පාවාදීමක් වෙලා තිබෙනවා නම් කළ යුත්තේ විමර්ශනයක් ආරම්භ කිරීමයි. අන්තර්ජාතික ක්‍රිකට් සභාවත් ඒකට හවුල් කරගන්න පුලුවන්”  යයිද පැවසීය.


අදහස් (0)

මහින්දානන්දගේ කතාව ගැන විමර්ශනයක් කරන්න

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.