Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බොලිවුඩ් තරුවක් වන සල්මාන් ඛාන්ගේ පවුලේ සාමාජිකයන් විසින් ලංකන් ප්‍රිමියර් ලීග්හී (එල්.පී.එල්) මහනුවර ටස්කර්ස් කණ්ඩායම මිල දී ගෙන ඇත. පසුගිය 19 වැනිදා ක්‍රීඩක වෙන්දේසිය සිදුවූ අතර තරගාවලිය නොවැම්බර් 21 වනදා ආරම්භ වීමට නියමිතය.
චිත්‍රපට නිෂ්පාදකයකු, අධ්‍යක්‍ෂක මෙන්ම නළුවකුද වන සල්මාන් ඛාන්ගේ බාල සොහොයුරා වන සොහේල් ඛාන් සහ ඔවුන්ගේ පියා වන ප්‍රකට පිටපත් රචක සලීම් ඛාන් මහනුවර ටස්කර්ස් පිල වෙනුවෙන් මුදල් ආයෝජනය කර තිබේ. මෙම සමාගමේ නම සොහෙල් ඛාන් ඉන්ටර්නැෂනල් එල්.එල්.පී යනුවෙන් හැඳින්වෙයි.
සඳුදා පැවැති ක්‍රීඩක වෙන්දේසීයේදී මහනුවර ටස්කර්ස් කණ්ඩායම සඳහා බටහිර ඉන්දීය කොදෙව්හි ප්‍රවේගාරී පිතිකරු ක්‍රිස් ගේල් තෝරාගත් අතර සුවිශේෂී ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙස කුසල් පෙරේරා තෝරාගෙන ඇත. ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමේ විශේෂඥ පිතිකරුවකුවන කුසල් මෙන්ඩිස්, වේගපන්දු යවන්නකු වන නුවන් ප්‍රදීප් සහ එංගලන්ත පිලේ වේග පන්දු යවන ක්‍රීඩක ලයාම් ප්ලන්කට් ද මහනුවර කණ්ඩායමට තෝරාගනු ලැබ සිටිති.
“ලංකන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ විශාල ශක්ති සම්පන්න බවක් පවතින අතර මෙම ආකර්ෂණීය මුලපිරුමේ කොටස්කරුවන් වීමට ලැබීම ගැන අපි ඉතා සතුටු වෙනවා.... ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ලෝලීන් ක්‍රීඩාව කෙරෙහි දැඩි ඇල්මක් දක්වනවා. ඔවුන් අපේ කණ්ඩායමට සහයෝගය දැක්වීම සඳහා වැඩි වැඩියෙන් ඉදිරිපත් වෙයි කියලා මට විශ්වාසයි” යැයි සොහයිල් ඛාන් මහතා මෙම කණ්ඩායම වෙනුවෙන් මුදල් ආයෝජනය කිරීම සම්බන්ධයෙන් පැවසීය.
“ක්‍රිස් ගේල් පැහැදිලිවම ලෝකෙට ලොක්කා”
“නමුත් ඔහු ඉන්නේ තනිවම නොවේ. අපට ඉතා හොඳ කණ්ඩායමක්, හොඳ තාරුණ්‍යයක් හා පළපුරුද්දක් තිබෙනවා. මගේ කණ්ඩායම අවසන් තරඟයට ක්‍රීඩා කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා” යයිද සොහේල් ඛාන් මහතා වැඩිදුරටත් පැවසීය.
හිටපු ශ්‍රී ලංකා නායක හෂාන් තිලකරත්න මහතා මහනුවර ටස්කර්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා වශයෙන් කටයුතු කරයි.
“ක්‍රිකට් හා සිනමාව දිගු කලක් තිස්සේ එකිනෙකට සම්බන්ධ වී තිබෙනවා. ක්‍රිකට් පිටියට සිනමා තරු පැමිණ සිටීම විනෝදාස්වාදය වගේම උත්කර්ෂවත් බව ගෙන එනවා” යයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපසභාපති මෙන්ම එල්.පී.එල් තරගාවලියේ අධ්‍යක්‍ෂක රවීන් වික්‍රමරත්න මහතා පැවසීය.
වත්මන් ඉන්දීය කණ්ඩායමේ නායක විරාට් කෝලි විවාහ වී සිටින්නේ සුප්‍රකට බොලිවුඞ් නිළියක වන අනුශ්කා ෂර්මා සමගය. ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටප ආරම්භක පිතිකරු කෞෂාල් සිල්වාත් හිටපු නිළියක වන භාග්‍යා හෙට්ටිආරච්චි සමග විවාහ වී සිටින අතර හිටපු ශ්‍රී ලංකා නායක තිලකරත්න ඩිල්ෂාන් විවාහ වී සිටින්නේද ජනප්‍රිය නිළියකව සිටි මංජුලා තිළිණි සමගිනි. ඒ වත්මන් තත්ත්වය වුවද මීට වසර 30 කට පමණ ඉහතදීත් මෙහි වෙනසක් නොවිණ.
ඉන්දියාවේ ලාබලතම ටෙස්ට් නායකයා වූ මන්සූර් අලි ඛාන් (පතව්දිහි නවබ් වරයා) විවාහ වූයේ එවකට හින්දි සිනමාවේ සිටි ජනප්‍රියම නිළියක වූ ශර්මිලා තාගෝර් සමගිනි.
එල්.පී.එල් ලෝක මට්ටමේ තරගාවලියක් කිරීමට අපි කැපවී සිටිනවා. බොලිවුඩය සහ සොහෙල් ඛාන් හරහා මෙම පණිවුඩය පතුරුවා හැරීමට මීට වඩා හොඳ අවස්ථාවක් තවත් නෑ” යයි එල්.පී.එල්. තරගාවලියේ වෙළඳ සහ සංවිධායක කටයුතු සිදුකරන අයි.පී.ජී. සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී අනිල් මොහාන් මහතා කියයි.
ලංකන් ප්‍රිමියර් ලීග් තරඟාවලිය නොවැම්බර් 21 සිට දෙසැම්බර් 13 දක්වා මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සහ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ දෙකෙහිදී පැවැත්වීමට නියමිතව ඇත. තරගාවලිය දින 15 ක් පැවැත්වෙන අතර ඊට තරග 23 ක් ඇතුළත් වේ.
මහනුවර කණ්ඩායම ක්‍රීඩාකරන සියළුම තරග නැරඹීම සඳහා සල්මාන් ඛාන් මහතාද සහභාගිවීමට නියමිත බව දැනගන්නට තිබේ.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.