Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මලික් පාකිස්තානයට ජය ගෙනෙයි

මලික් පාකිස්තානයට ජය ගෙනෙයි

editorial - 2020 ජන මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේදී පැවැති පළමු විස්සයි20 තරගයෙන් කඩුලු 5 ක ජයක් අත්කර ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් විය. එම ජයත් සමග තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද පාකිස්තාන ක්‍රීඩකයෝ සමත් වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 142 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන කණ්ඩායම පන්දු 3 ක් ඉතිරිව තිබියදී කඩුලු 5 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය. දක්ෂ පිතිහරඹයක නිතර වූ ෂෙයිබ් මලික් පන්දු 45 කදී හතරේ පහර 5 ක් සමග නොදැවී ලකුණු 58 ක් රැස්කරමින් පාකිස්තාන කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

නායක බාබර් අසාම් ලකුණු නොළබා දැවී ගියද, අසන් අලී පන්දු 32 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 36 ක්ද, මොහොමඞ් හෆීස් පන්දු 16 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 17 ක්ද, ඉෆ්තිකර් අහමඞ් පන්දු 13 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 16 ක්ද රැස්කරමින් පාකිස්තාන කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා දායක වූහ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකණු 141 ක් රැස්කළ අතර බංග්ලාදේශ කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ආරම්භක පිතිකරු මොහොමඞ් නයීම් පන්දු 41 කදී ලකුණු 43 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගිනි.

ටමීම් ඉක්බාල් (39) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 66 කදී ලකුණු 71 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද නයීම් සමත් වූ අතර පන්දු 43 කදී වාර්තා වූ ටමීම්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 4 කින් සමන්විත විය. නායක මහමදුල්ලා රියාද් පන්දු 14 කදී හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 19 ක් රැස්කළේය.  


බංග්ලාදේශය - ඕවර 20 කදී කඩුලු 5 කට 141
(ටමීම් ඉක්බාල් 39, මොහොමඩ් නයීම් 43, මහමදුල්ලා රියාද් නොදැවී 19)

පාකිස්තානය - ඕවර 19.3 කදී කඩුලු 5 කට 142
(අසන් අලී 36, මොහොමඩ් නයීම් 17, ෂොයිබ් මලික් නොදැවී 58, ඉෆ්තිකර් අහමඩ් 16, ශෆියුල්ලා ඉස්ලාම් 27/2)


-036


අදහස් (0)

මලික් පාකිස්තානයට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.