Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බෝල්ට් ගෙදර යයි - විලියම්සන් නවතී

බෝල්ට් ගෙදර යයි - විලියම්සන් නවතී

editorial - 2021 මැයි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) තරගාවලියට එක්වූ නවසීලන්ත ක්‍රීඩකයන් අද (7 වැනිදා) සිය රට බලා පිටත්ව එන බව නවසීලන්ත ක්‍රිකට් ආයතනය කියයි. එසේ වුවත් එළඹෙන සතියේදී එංගලන්තයේ සංචාරයක් සඳහා පිටත්ව යෑමට නියමිත නවසීලන්ත පිලේ නායක කේන් විලියම්සන් සහ තවත් ක්‍රීඩකයන් තිදෙනෙකු ඉන්දියාවේ නතර වෙනු ඇත.

නවසීලන්ත ජාතිකයන් නැවත සියරට ගෙන්වා ගැනීම සඳහා කිසිදු සීමාවක් නොමැති අතර බොහෝ ක්‍රීඩකයින්, සහායක කාර්ය මණ්ඩලය සහ විස්තර විචාරකයින් අද දිනය තුළදී ඕක්ලන්ඩ් නුවර බලා පිටත්ව එන බව නවසීලන්ත ක්‍රිකට් ආයතනය කියයි. එංගලන්තයේ ටෙස්ට් සංචාරයක් ද ඇතුළුව, සහ ජුනි 18 සිට 22 දක්වා ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන සමාරම්භක ලෝක ටෙස්ට් ශූරතා තරඟාවලියේ අවසන් මහා තරගය සඳහා සංචිතයේ සිටින නවසීලන්ත ක්‍රීඩකයින් අයි.පී.එල්. තරගාවලිය අවසන් වීමෙන් පසු කෙලින්ම බි්‍රතාන්‍යයට යාමට නියමිතය.

කේන් විලියම්සන්, කයිල් ජැමීසන්, මිචෙල් සැන්ට්නර් සහ කණ්ඩායමේ භෞත චිකිත්සකවරයාට මැයි 11 වැනිදා දක්වා බි්‍රතාන්‍යයට යෑමට අවසර ලබා ගැනීමට නොහැකි වූ අතර එතෙක් ඔවුන් නවදිල්ලියේ රැඳී සිටිනු ඇත. ටෙස්ට් සංචිතයේ සිටින වේග පන්දු යවන්නා වන ටේ‍රන්ට් බෝල්ට්ට නවසීලන්තය බලා පියාසර කරන ගුවන් යානයේ සෙසු කණ්ඩායම් සමඟ එක්වීමට ක්‍රිකට් ආයතනය විසින් අවසර ලබා දී තිබේ.

“ජුනි මස මුලදී ටෙස්ට් සංචිතය සමඟ නැවත එක්වීමට පෙර ටේ‍රන්ට් බෝල්ට් සිය පවුලේ සාමාජිකයන් බලා ආපසු එනු ඇත. සමහර විට එංගලන්තයට එරෙහි දෙවන ටෙස්ට් තරගය සඳහා ඔහු තෝරා ගැනීමට නියමිතව ඇති නමුත් නිසැකවම (ලෝක ටෙස්ට් ශූරතාවලියේ) අවසන් තරඟයට ක්‍රීඩා කිරීමට ඔහු සූදානමින් සිටිනු ඇතැ’යි නවසීලන්ත ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකයෙක් පැවසීය.


- 2079

 


අදහස් (0)

බෝල්ට් ගෙදර යයි - විලියම්සන් නවතී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.