Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බිනුර පුහුණු දැලේ පන්දු යවන්න එයි

බිනුර පුහුණු දැලේ පන්දු යවන්න එයි

editorial - 2019 ජුනි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(යොහාන් භාසුර, එංගලන්තයේ ලීඞ්ස් සිට...)

ශ්‍රී ලංකාව සතුව වර්තමානයේ සිටින උසින් වැඩිම වේග පන්දු යවන්නා වන බිනුර ප්‍රනාන්දු එංගලන්ත ප්‍රාන්ත ප්‍රීමියර් ලීග් තරගාවලියට සහභාගි වෙමින් සිටියදී හෙඩින්ලි ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා පිතිකරුවන්ට පන්දු යැවීමෙන් සහය විය. වමතින් වේග පන්දු යවන 23 හැවිරිදි බිනුර, ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි20 ජාත්‍යන්තර තරග දෙකකට ක්‍රීඩා කර තිබේ.

බිනුර අඩි 6.6 කින් උස වීම නිසා ඔහු වයස 19 න් පහළ ශ්‍රී ලංකා පිලේ නියෝජනය කරන කාලයේ කථා බහට ලක්විය.

මෙම පුහුණු සැසියට ශ්‍රී ලංකා පිල වෙනුවෙන් සහාය පන්දු යවන්නන් ලබාදී නොතිබුණු අතර බිනුර පැමිණ පන්දු යැවීමෙන් එම අඩුව තරමක් මඟ හැරුණි. බිනුර, බටහිර යෝක්ෂයර් ප්‍රාන්ත ප්‍රීමියර් ලීග් තරගාවලියට සහභාගි වෙමින් සිටියි.

“අපේ වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරු මට මුණගැසුණා. සර් මගෙන් ඇහුවා පන්දු යවන්න එනවද කියලා මම ආවා”

“මම දැන් ක්‍රීඩා කරන්නේ අන්තර් ප්‍රාන්ත තරගාවලියට එක කොටසක් පහළ තරගාවලිය වන ප්‍රීමියර් ලීග් තරගාවලියට. ප්‍රාන්ත තරගාවලියේ අසාර්ථක වන ක්‍රීඩකයන් සාර්ථක වෙන්න එන්නෙ මේ තරගාවලියටයි. හොඳ තරගාවලියක්. මට අවස්ථාවක් ලැබුණොත් ක්‍රීඩා කරනවා” යයි බිනුර පැවසීය.

“ශ්‍රී ලංකා කණ්ඩායමෙන් නැවත කැඳවීමක් ලැබෙයි කියලා හොඳ බලාපොරොත්තුවක් තියෙනවා. මෙහෙ හොඳට ක්‍රීඩා කරලා ශ්‍රී ලංකාවටත් මගේ හැකියාව දෙන්න සූදානමින් ඉන්නවා”

“අපේ වේග පන්දු යවන්නන් හොඳින් පන්දු යැව්වා. මම හිතනවා ඔවුන් ඉදිරියටත් හොඳින්  පන්දු යවාවි කියලා” යයිද බිනුර පැවසීය.

බිනුර ඔහුගේ ක්‍රීඩා දිවිය පිළිබඳව මෙසේ අදහස් දැක්වීය.

“මම 2015 වසරේ පාකිස්තානයට එරෙහිව විස්සයි20 තරග දෙකකදී ශ්‍රී ලංකා පිල නියෝජනය කළා. ඉන් පසුව මගෙ පාදයේ ආබාධයක් ඇති වුණා. ඉන් පසුව නැවත 2018 වසරේ අගෝස්තු මස මාව නැවත විස්සයි20 සංචිතයට කැඳෙව්වා. ඊට පස්සෙ අවස්ථාවක් ලැබුණේ නෑ. ඒ නිසා මම හිතුව ාමට අත්දැකීම් ලබාගන්න එංගලන්තයට පැමිණ ක්‍රීඩා කරන එක හොඳයි කියලා”

“එංගලන්තයේ හොඳ තණතීරුවල ක්‍රීඩා කරනවා. මෙහෙ පන්දුවත් වෙනස්. මෙහෙ තරග හතරක් ක්‍රීඩා කළා. දැන් මම තරග හතරකදී කඩුලු 15 ක් දවාගත්තා. වේග පන්දු යවන්නන්ට උචිත තණතීරු තමයි ලැබෙන්නේ. ඒ අත්දැකීම් උපරිමයෙන් ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ”

කෞෂාල් සිල්වා සහ චාමර කපුගෙදර ඇතු`ඵ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩකයන් කීපදෙනකුම එංගලන්ත ප්‍රීමියර් ලීග් තරගාවලියට සහභාගි වී සිටිති.

 


අදහස් (0)

බිනුර පුහුණු දැලේ පන්දු යවන්න එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.