Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බැංගලෝර් ක්‍රීඩකයෝ හත්වැනි ජයත් ලබති

බැංගලෝර් ක්‍රීඩකයෝ හත්වැනි ජයත් ලබති

editorial - 2020 ඔක් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 


 
පන්දු යවන්නන්ගේ දස්කම් හේතුවෙන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව බදාදා (21 වැනිදා) අබුඩාබිහිදී පැවැති අයි.පී.එල්. තරගයෙන් කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කිරීමට බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් ක්‍රීඩකයෝ සමත් වූහ. මෙවර තරගාවලියේදී බැංගලෝර් කණ්ඩායම ලැබූ 7 වැනි ජයග්‍රහණය මෙයයි.

මෙම ජයග්‍රහණයත් සමග මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයට ඇද දමමින් එහි දෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමටද බැංගලෝර් කණ්ඩායම සමත් විය. මේ වන විට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සහ බැංගලෝර් කණ්ඩායම ලකුණු 14 බැගින් ලබා සම තත්වයේ පසුවද, දල ලකුණු වේගය අනුව දිල්ලි කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙර‍මුණ ගෙන සිටියි.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා කණ්ඩායමට මොහොමඩ් සිරාජ් සහ යුස්වේන්ද්‍ර චාහල් ප්‍රමුඛ බැංගලෝර් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 84 ක් පමණි. එහිදී නිලකුණු ඕවර 2 ක්ද සමග සිය ඕවර 4 ලකුණු 8 කට සීමාකළ මොහොමඩ් සිරාජ් කඩුලු 3 ක් දවාගත්තේය. චාහල් කඩුලු 2 ක් දවාගැනීමට සමත් වූයේ සිය ඕවර 4 ලකුණු 15 කට සීමා කරමිනි. 

කොල්කටා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ නායක ඔයින් මෝගන් පන්දු 34 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 30 ක් රැස්කළ අතර ලොකී ෆර්ගසන් පන්දු 16 කදී නොදැවී ලකුණු 19 ක් රැස්‍කළේ හතරේ පහරක් සමගිනි.

ජයග්‍රහණය සඳහා ලකුණු 85 ක ඉලක්කයක් හඹාගිය බැංගලෝර් ක්‍රීඩකයෝ ඕවර 13.3 ක් අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී එම ඉලක්කය සපුරාගත්හ. ගුර්කීට් සිං (නොදැවී 21) සහ නායක විරාට් කෝලි (නොදැවී 18) එක්ව තෙවැනි කඩුල්ල වෙන්වෙන් පන්දු 41 කදී ලකුණු 39 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් බැංගලෝර් කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළහ.
 

කොල්කටා නයිට් රයිඩර්ස් - ඕවර 20 කදී කඩුලු 8 කට 84
(ඔයින් මෝගන් 30, ලොකී ෆර්ගසන් නොදැවී 19, මොහොමඩ් සිරාජ් 08/3, යුස්වේනද්‍ර චාහල් 15/2)

බැංගලෝර් රෝයල් චැලේන්ජර්ස් - ඕවර 13.3 කදී කඩුලු 2 කට 85
(දෙව්දූත් පඩික්කල් 25, ඒරන් ෆින්ච් 16, ගුර්කීත් සිං නොදැවී 21, විරාට් කෝලි නොදැවී 18)
 

-036

අදහස් (0)

බැංගලෝර් ක්‍රීඩකයෝ හත්වැනි ජයත් ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.