Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බ්‍රෝඩ් කලකිරීමෙන් - කෝපයෙන් - කම්පනයෙන්

බ්‍රෝඩ් කලකිරීමෙන් - කෝපයෙන් - කම්පනයෙන්

editorial - 2020 ජුලි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජේම්ස් ඇන්ඩසන් හැරුණු විට එංගලන්ත කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම වේග පන්දු යවන්නා වන ස්ටුවර්ට් බ්‍රෝඩ, බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව සදම්ප්ටන්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය සඳහා තෝරා නොගැනීම සම්බන්ධයෙන් “කලකිරීමට, කෝපයට හා කම්පනයට“ පත්ව සිටී.

වසර 2012 සිටම, ටේස්ට් තරග වලදී ජේම්ස් ඇන්ඩර්සන් සමග අනෙක් අන්තයෙන් පන්දු යැවීම ආරම්භ කරන බ්‍රෝඩ්ට සිය මව්බිමේදී පැවැත්වෙන ටෙස්ට් තරගයක් මග හැරුණු පළමු අවස්ථාව මෙයයි.

මෙම ටෙස්ට් තරගය සඳහා ජේම්ස් ඇන්ඩර්සන්, ජොෆ්රා ආචර්, මාක් වුඩ් සහ නායක බෙන් ස්ටෝක්ස් යන වේග පන්දු යවන්නන් යොදා ගැනීමට එංගලන්තය තීරණය කළේය.  දඟ පන්දු යවන්නා වන ඩොමිනික් බෙස් කණ්ඩායමේ පස්වැනි පන්දු යවන්නා වෙයි.

"මම තරගය ආරම්භ වීමට පෙර රාත්‍රියේ සවස 6.00 ට පමණ කතාව දැනගත්තා. ස්ටොක්සි මට කිව්වා අපි පවතින තත්වයන් යටතේ අපි වේග පන්දු යවන්නන් වැඩිකරගෙන තරගයට යන බව" යයි ස්ටුවර්ට් බ්‍රෝඩ් ‘ස්කයි ස්පෝර්ට්ස්‘ සමග පැවැති සාකච්ඡාවකදී පැවසීය.

"මා ඊයේ රාත්‍රියේ (ජාතික තේරීම් කමිටු සභාපති) එඩ් ස්මිත් මහතා සමඟ කතා කළා. ඔහු ඒ වන විටත් තරගය ස‍්ඳහා වන අවසන් 13 දෙනා තෝරා ගැනීමට සම්බන්ධ වී සිටි අතර ඔවුන් මෙම තණතීරුව සඳහා පමණක් තෝරාගෙන තිබුණා. මට අනාගතය පිළිබඳව පැහැදිලි කිරීමක් අවශ්‍ය වූ අතර මට සුබබාදී ප්‍රතිචාරයක් ලැබුණා“ යයිද බ්‍රෝඩ් පැවසීය.

බ්‍රෝඩ් ඔවුන්ගේ පෙර ටෙස්ට් තරග දෙකේදී එංගලන්තය වෙනුවෙන් වැඩිම කඩුලු ලබා ගත් ක්‍රීඩකයා විය. මෙම තරගයෙන් ඔහුව ඉවත් කිරීමට ගත් තීරණය ඔහුට තේරුම් ගැනීමට අපහසු එකක් බව ඔහු පිළිගත්තේය.

"මම චිත්තවේග සහිත පුද්ගලයෙක් නෙමේ. නමුත් පසුගිය දින කිහිපය මම හිටියේ ඉතාමත් අසීරුවෙන්. බලාපොරොත්තු සුන්වීම සහ අඩු තක්සේරුවක් ලැබීම නිසා මම කලකිරීමට පත්ව සිටිනවා. කෝපයට පත්ව සිටිනවා. මේ තත්ත්වය තේරුම් ගැනීමට අපහසු බැවින් මම අසහනයටත් පත්ව සිටිනවා." යයි බ්‍රෝඩ් කියයි.

කෙසේ වෙතත් බ්‍රෝඩ් පැවසුවේ ඔවුන්ගේ වේග පන්දු යවන්නන් සියල්ලම ක්‍රීඩා කිරීමට තරම් සුදුසු ශාරීරික යෝග්‍යතාවක සිටින බැවින් එංගලන්තය ඉතාමත් ශක්තිමත් ස්ථානයක සිටින බවයි.

“පන්දු යවන්නන් සියලු දෙනාම, එකට ගැලපෙන්නේ ඉතා කලාතුරකිනි. ඒත් ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස මගේ ප්‍රධානතම ශක්තිය තමයි මම සෑම විටම සුදුසු ශාරීරික යෝග්‍යතාවකින්, තේරීම් සඳහා සූදානම් වී සිටීම....ඒ නිසා, අනෙක් සියල්ලන් මෙන් කණ්ඩායමේ ස්ථානයක් ලබා ගැනීමට මමත් බලාපොරොත්තු වුණා. ඒත් ඒ අවස්ථාව නොලැබීම ගැන මම කලකිරීමට පත්වුණා. “ යයි කී බ්‍රෝඩ්.... මෙම තරගයේදී කණ්ඩායමේ ස්ථාන අහිමි වූ ක්‍රිස් වෝක්ස් සහ සෑම් කරන් දෙදෙනා ගැනද කම්පා වෙයි.

“සියලු දෙනාම  ඉතා හොඳින් පන්දු යවනවා. ඒත් සියල්ලන්මට 11 දෙනා අතරට පැමිණීමට නොහැකියි“ යයිද බ්‍රෝඩ් කීවේය.

එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් කඩුලු 500 පසුකර ගිය පළමු වැන්නා ජේම්ස් ඇන්ඩසන්ය. එම හපන්කම කිරීමට හැකි දෙවැනි ඉංග්‍රීසි ජාතිකයා බවට පත්වීමට කඩුලු 15 ක් දුරින් සිටින ස්ටුවර්ට් බ්‍රෝඩ්ට මෙම තරගයේදී තවත් සුවිශේෂී අවස්ථාවක් ම ඟහැරී ගියේය. ඒ තම පියා වන ක්‍රිස් බ්‍රෝඩ් සමග එකම තරගයකට සම්බන්ධ වීමේ අවස්ථාව මඟහැරී යාමයි.

කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන් මෙම තරගාවලිය සඳහා නම්කරන ලද තරග තීරකවරයා වන්නේ ස්ටුවර්ට්ගේ පියා වන ක්‍රිස්ටෝපර් බ්‍රෝඩ්ය. ක්‍රිස් බ්‍රෝඩ් 90 දශකයේ එංගලන්ත පිල වෙනුවෙන් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරුවෙකි.

- 213


අදහස් (0)

බ්‍රෝඩ් කලකිරීමෙන් - කෝපයෙන් - කම්පනයෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.