Last Update  :  2024-04-24 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බ්‍රාවෝ විස්සයි20 කඩුලු 500 යි

බ්‍රාවෝ විස්සයි20 කඩුලු 500 යි

editorial - 2020 සැප් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විස්සයි20 ක්‍රිකට් ඉතිහාසයේ කඩුලු 500 ක් දවාගත් ලොව පළමු පන්දු යවන්නා බවට පත්වීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඞ්වේන් බ්‍රාවෝ සමත්විය. ටි්‍රන්බාගෝ නයිට්ස් රයිඩර්ස් වෙනුවෙන් තුන් ඉරියව්වෙන් දස්කම් දක්වන 36 හැවිරිදි බ්‍රාවෝ, කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ ටි්‍රනිඩෑඞ්හිදී පැවැති තරගයකදී ශාන්ත ලුසියා සෝක්ස් පිලේ රකීම් කෝන්වේල් දවාගනිමින් මෙම දස්කම කිරීමට සමත්විය.

වර්ෂාව හේතුවෙන් තරගය නතර කිරීමට පෙර රොස්ටන් චේස් දවාගත් බ්‍රාවෝ සිය 501 වැනි කඩුල්ලද දවාගැනිමට සමත්විය.

“එය විශිෂ්ට ගමනක්, මගේ කණ්ඩායමේ සියලුම සාමාජිකයින්ට ස්තූති කිරීමට මට අවශ්‍යයි. මම ලොව පුරා ක්‍රීඩා කරන සියලුම කණ්ඩායම් වලට ස්තූති කරනවා” යැයි බ්‍රාවෝ පැවසීය.

වසර 2012 සහ 2016 දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම විස්සයි 20 ලෝක කුසලාන ජයගත් තරගාවලි දෙකෙහිදීම බ්‍රාවෝ ජයග්‍රාහී කණ්ඩායම නියෝජනය කළේය. ලෝකය පුරා කණ්ඩායම් 20 කට වැඩි සංඛ්‍යාවක ක්‍රීඩාකර ඇති ඇති බ්‍රාවෝ, ක්‍රිකට් ක්‍රීඩාවේ කෙටිම ආකෘතියෙන් කඩුලු 300 සහ 400  කඩයිම් පසුකළ පළමු පන්දු යවන්නාද විය.

ලසිත් මාලිංග (390), සුනිල් නරේන් (383), ඉම්රාන් තාහීර් (374), සොහේල් තන්වීර් (356), සකීබ් අල් හසන් (354) මේ වනවිට බ්‍රාවෝට පසුපසින් සිටින විස්සයි20 වැඩිම කඩුලු ලබාගත් පන්දු යවන්නෝ වෙති.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරග 40 කට ක්‍රීඩාකර ඇති බ්‍රවෝ අවසන් ටෙස්ට් තරඟයට 2010 දී සහභාගීවූ අතර එක්දින තරග 164 කට ක්‍රීඩා කර තිබේ.

 


අදහස් (0)

බ්‍රාවෝ විස්සයි20 කඩුලු 500 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.