Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බට්ලර්ගේ පිතිහරඹය රාජස්ථාන් පිල දිනවයි

බට්ලර්ගේ පිතිහරඹය රාජස්ථාන් පිල දිනවයි

editorial - 2020 ඔක් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජොස් බට්ලර්ගේ ‍වේගවත් පිතිහරඹය හේතුවෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව සඳුදා (19 වැනිදා) අබුඩාබිහිදී පැවැති අයි.පී.එල්. තරගයෙන් කඩුලු 7 ක ජයක් අත්කර ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් විය. ඉකුත් වසරේ (2019) අනු ශූරයන් බවට පත්වූ චෙන්නායි කණ්ඩායම මෙවර තරගාවලියේ තරග 10 කදී ලැබූ 7 වැනි පරාජය මෙයයි.

ජයග්‍රහණය සඳහා ලකුණු 126 ක ඉලක්කයක් හඹාගිය රාජස්ථාන් ක්‍රීඩකයෝ පන්දු 15 ක් ඉතිරිව තිබියදී කඩුලු 3 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ ජොස් බට්ලර් පන්දු 48 කදී හයේ පහර 2 ක් සහ හතරේ 7 ක් සමග නොදැවී ලකුණු 70 ක් රැස්කිරීමට සමත් විය.

ලකුණු 28 කට කඩුලු 3 ක් බිඳවැටී තිබූ අවස්ථාවේදී නායක ස්ටීවන් ස්මිත් (නොදැවී 26) සමග එක්ව පන්දු 78 කදී ලකුණු 98 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගූ බට්ලර්, සිය කණ්ඩාය‍ම ජයග්‍රහණය කරා ගෙන ගියේය. පන්දු 34 කට මුහුණදුන් ස්මිත්ගේ ඉනිමට හතරේ පහර 2 ක් ඇතුළත් විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ රවින්ද්‍ර ජදේජා පන්දු 30 කදී නොදැවී ලකුණු 35 ක් රැස්කළේ හ‍තරේ පහර 4 ක් සමගිනි. නායක මහේන්ද්‍ර සිං දෝනි පන්දු 28 කදි හතරේ පහර 2 ක් සමග ලකුණු 28 ක්ද, ආරම්භක පිතිකරු සෑම් කරන් පන්දු 25 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 22 ක්ද රැස්කළහ.

තරගයෙන් පසුව චෙන්නායි නායක මහේන්ද්‍ර සිං දෝනි කීවේ මෙවර තරගාවලියේදී චෙන්නායි පිල අසාර්ථක වී සිටින බවයි.


චෙන්නායි සුපර් කිංග්ස්  - ඕවර 20 කදී කඩුලු 5 කට 125
(සෑම් කරන් 22, මහේන්ද්‍ර සිං දෝනි 28, රවින්ද්‍ර ජදේජා නොදැවී 35)

රාජස්ථාන්‍ රෝයල්ස් පිල - ඕවර 17.3 කදී කඩුලු 3 කට 126
(බෙන් ස්ටෝක්ස් 19, ස්ටීවන් ස්මිත් නොදැවී 26, ජොස් බට්ලර් නොදැවී 70, දීපක් චාහර් 18/2)

 

-036

(ඡායාරූප - අයි.පී.එල්. නිල වෙබ්අඩවිය අනුග්‍රහයෙනි)


අදහස් (0)

බට්ලර්ගේ පිතිහරඹය රාජස්ථාන් පිල දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.