Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බට්ලර්ගේ පිතිහරඹය එංගලන්තය දිනවයි

බට්ලර්ගේ පිතිහරඹය එංගලන්තය දිනවයි

editorial - 2020 සැප් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජොස් බට්ලර්ගේ (නොදැවී 77) වේගවත් පිතිහරඹය හේතුවෙන් සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව සදම්ප්ටන්හිදී පැවැති දෙවැනි විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම පෙරේදා (6 වැනිදා) සමත් විය. එම ජයග්‍රහණයත් සමග දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම 2-0 ක් ලෙස ජය ගැනීමටද එංගලන්තය සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 158 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත කණ්ඩායම පන්දු 7 ක් ඉතිරිව තිබියදී කඩුලු 4 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය. මුලු ලකුණු සංඛ්‍යාව 19 ක් වන විට එංගලන්ත කණ්ඩයමේ පළමු කඩුල්ල බිඳවැටිණ. එහෙත් ඩේවිඩ් මැලන් (42) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 63 කදී ලකුණු 87 ක සම්බන්ධතාවක් ගොඩනැගූ බට්ලර්, සිය කණ්ඩයමේ ජයග්‍රහණය සඳහා අඩිතාලම දැමීය.

පන්දු 54 කට මුහුණදුන් බට්ලර්ගේ 9 වැනි විස්සයි20 අර්ධ ශතකයට හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් ඇතුළත් විය. පන්දු 32 කදී වාර්තා වූ මැලන්ගේ ඉනිම හතරේ පහර 7 කින් සමන්විත විය. දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඇස්ටන් ආගර් ලකුණු 27 කට කඩුලු 2 ක් දවාගත්තේය.  

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 157 ක් ලබාගත්තේය. එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ නායක ඒරන් ෆින්ච් පන්දු 33 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 40 ක් රැස්කළේය. මාකස් ස්ටොයිනිස් පන්දු 26 කදී ලකුණු 35 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් එල්ල කරමිනි.  


ඕස්ට්‍රේලියාව - ඕවර 20 කදී කඩුලු 7 කට 157
(ඒරන් ෆින්ච් 40, මාකස් ස්ටොයිනිස් 35, ග්ලේන් මැක්ස්වෙල් 26, ඇස්ටන් ආගර් 23, ක්‍රිස් ජෝඩාන් 40/2)

එංගලන්තය - ඕවර 18.5 කදී කඩුලු 4 කට 158
(ජොස් බට්ලර් නොදැවී 77, ඬේවිඞ් මැලන් 42, ඇස්ටන් ආගර් 27/2)

-036

 


අදහස් (0)

බට්ලර්ගේ පිතිහරඹය එංගලන්තය දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.