Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බංග්ලාදේශය ඉන්දියානු අභියෝගයට සැරසෙයි

බංග්ලාදේශය ඉන්දියානු අභියෝගයට සැරසෙයි

editorial - 2020 පෙබ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය යොවුන් පිලේ සාර්ථකම පිතිකරුවා වන යශස්වි ජයිස්වාල් 2020 යොවුන් ලෝක කුසලාන තරගාවලියේ වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවාය. මේ වන විට යොවුන් ලෝක කුසලාන තරගාවලියේදී ලකුණු 312 ක් ලබා සිටින යශස්වි සිය ආසන්නතම තරගකරුවා වන නවසීලන්තයේ ආර්.ඒ. මාරියුට වඩා ලකුණු 106 කින් ඉදිරියෙන් සිටී.

පා දඟ පන්දු යවන්නකු වන රවී බිෂෝනි ඉන්දීය යොවුන් පිල වෙනුවෙන් කඩුලු 4 ක් ලබාගනිමින් තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර සිව්වැන්නාය.

ඉන්දියානු යොවුන් පිල සහ බංග්ලාදේශ යොවුන් කණ්ඩායම අතර ලෝක කුෂලාන අවසන් මහ තරගය හෙට (9 - ඉරිදා) දකුණු අප්‍රිකාවේ පොචෙස්ට්‍රෝම් නගරයේදී ආරම්භ වීමෙන් පසුව මෙම ක්‍රීඩකයෝ දෙදෙනාම තම තමන්ගේ නම් ඉතිහාස පොතේ ලියවීම සඳහා තවත් වැඩිපුර යමක් කිරීමට සූදානමින් සිටිති. හෙට ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 1.30 ට තරගය ආරම්භ වීමට නියමිතය.

ෂිකාර් ධවාන් (2004 දී ලකුණු 505 යි), චෙටේස්වාර් පුජාරා (2006 දී ලකුණු 349) සහ ටැන්මේ ශ්‍රීවාස්තාව් (2008 දී ලකුණු 262 යි) යොවුන් ලෝක කුසලාන තරගාවලියකදී වැඩිම ලකුණු ලබාගත් ඉන්දීය පිතිකරුවෝ වෙති.

ශ්‍රී ලංකා පිලේ හිටපු ක්‍රීඩකයකු වන නවීඩ් නවාස්ගේ ගුරුහරුකම් ලබාගන්නා බංග්ලාදේශ යොවුන් පිල යොවුන් ලෝක කුසලාන තරගාවලියක අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ පළමු වැනි වතාවටය. වසර 32 ක ඉතිහාසයක් ඇති මෙම තරගාවලියේදී ඉන්දියාව හත් වතාවක් අවසන් මහ තරගයට සුදුසුකම් ලබා තිබේ.

අවසන් වරට පැවැති තරගාවලියේදී ශූරතාව දිනාගත් ඉන්දීය කණ්ඩායමට ඇත්තේ පස්වැනි වතාවටත් ශූරතාව දිනාගැනීමේ අභියෝගයයි. ඉන්දියාව යොවුන් ලෝක කුසලාන 4 ක් දිනා ඇති අතර ඕස්ටේලියානු යෞවනයෝ තුන වතාවක් ලෝක කුසලාන දිනා තිබේ. එහෙත් බංග්ලාදේශයට මෙය දැවැන්ත අවස්ථාවකි. මක්නිසාද යත් බංග්ලාදේශය මේ දක්වා කිසිම ආකාරයේ ලෝක කුසලානයක් දිනා නැති බැවිනි.

කණ්ඩායම් දෙකම අපරාජිත කණ්ඩායම් දෙකකි. වේග පන්දු යවන්නන්ගෙන් මෙන්ම දඟ පන්දු යවන්නන්ගෙන්ද දෙපිලම සමබර බව කිව හැකිය. එහෙත් ඉන්දීය පිතිකරුවෝ නම් ඉදිරියෙන් සිටිති. ඉන්දීය සහ බංග්ලාදේශ යොවුන් කණ්ඩායම් මුණගැසුනු අවස්ථාවල වාර්තාව 4-1 ක් ලෙසින් ඉන්දියාවට වාසිදායක ලෙසින් පවතින නමුත් ඒ බොහෝ අවස්ථාවල ඉන්දියානුවන් තරගය ජයගත්තේ අසීරුවෙනි.

තරගාවලියේ තුන්වැනි සහ පස්වැනි ස්ථාන තේරීමේ තරග දෙකටම වර්ෂාවෙන් බාධා පැමිණීම හේතුවෙන් අතහැර දමන ලදි. හෙට පැවැත්වීමට නියමිත අවසන් මහ තරගයටද වර්ෂාවෙන් බාධා පැමිණෙන බවට අනාවැකි පළව තිබේ.


ඉන්දීය යොවුන් සංචිතය
ප්‍රියාම් ගාර්ග් (නායක), දුර්වි ජුරාල්, අතර්වා අන්කොලේකාර්, රවී බිෂෝනි, ෂූබන්ග් හෙජ්, යශස්වි ජයිස්වාල්, කුමාර් කුෂාග්රා, සුෂාන්ත් මිෂ්රා, විද්‍යාදර් පතිල්, ශශ්වාත් රාවත්, දිව්‍යනාශ් සක්සේනා, ආකාශ් සිං, කාර්තික් ත්‍යාගි, තිලක් වර්මා සහ සිද්දේෂ් වීර්


බංග්ලාදේශ යොවුන් සංචිතය
අක්බාර් අලි (නායක), තව්හීද් රිදෝයි, රිතුන්ජෝයි චෞද්රි, අවිශේක් දාස්, පර්වීස් හුසේන්, මේරබ් හසන්, රකිබුල් හසන්, තන්සිඞ් හසන්, මහමදුල්ලා හසන් ජෝයි, ශදාත් හොසේන්, ශමීම් හොසේන්, ෂොරෆුල් ඉස්ලාම්, හසන් මුරාඞ්, ප්‍රාන්තික් නව්රෝස්, තන්සිම් හසන් සකිබ් සහ මොහොමඩ් සහෂින්

..


අදහස් (0)

බංග්ලාදේශය ඉන්දියානු අභියෝගයට සැරසෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.