Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බංග්ලාදේශ ‘ඒ’ පිල එක්දින තරගාවලිය ජයගනී

බංග්ලාදේශ ‘ඒ’ පිල එක්දින තරගාවලිය ජයගනී

editorial - 2019 ඔක් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12 වැනිදා) පැවැති තෙවැනි නිල නොවන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 98 ක පහසු ජයක් අත්කර ගැනීමට සංචාරක බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම සමත් විය.

ඕවර 24.4 ක් අවසානයේ වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට ජයග්‍රහණය සඳහා ලකුණු 323 ක ඉලක්කයක් හඹායමින් සිටි ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 130 ක් ලබා සිටියේය. ඒ වන විට චාමික කරුණාරත්න සහ රමේෂ් මෙන්ඩිස් එක් ලකුණු බැගින් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.

දෙවැනි තරගයේදී අර්ධ ශතකයක් ලබාගත් කමිඳු මෙන්ඩිස් මෙම තරගයේදීද දක්ෂ පිතිහරඹයක නිතර වෙමින් පන්දු 65 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 55 ක් රැස්කළේය. නායක අෂාන් ප්‍රියන්ජන් (34) සමග එක්ව පන්දු 68 කදී ලකුණු 64 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද කමිඳු සමත් වූ නමුත් එම සම්බන්ධතාව ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට තරම් ප්‍රමාණවත් නොවීය.

පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 322 ක් ලබාගත් අතර එහිදී සිය කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් ආරම්භක පිතිකරු සයිෆ් හසන් පන්දු 110 කදී ලකුණු 117 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 12 ක් සමගිනි.

සෙසු ආරම්භක පිතිකරුවා වූ මොහොමඞ් නයීම් (66) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 134 කදී ලකුණු 120 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද හසන් සමත් විය. එහෙත් පන්දු රකින්නන්ට බාධා කිරීම නිසා නයීම් දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් විය.

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිතර වූ ශිරාන් ප්‍රනාන්දු ලකුණු 50 කට කඩුලු 4 ක් දවාගැනීමට සමත් වූ අතර ඔහුට අනගි සහායක් දුන් විෂ්ව ප්‍රනාන්දු ලකුණු 69 කට කඩුලු 3 ක් බිඳහෙළීමට සමත් විය.

 

බංග්ලාදේශ ‘ඒ’ පිල - ඕවර 50 කදී කඩුලු 9 කට 322
(සයිෆ් හසන් 117, මොහොමඞ් නයීම් 66, මොහොමඞ් මිතුන් 32, නුරුල් හසන් 17, එනමුල් හක් 15, ශිරාන් ප්‍රනාන්දු 50/4 විෂ්ව ප්‍රනාන්දු 69/3)

ශ්‍රී ලංකා ‘ඒ’ පිල - ඕවර 24.4 කදී කඩුලු 6 කට 130
(කමිඳු මෙන්ඩිස් 55, අෂාන් ප්‍රියන්ජන් 34, සඳුන් වීරක්කොඩි 18, සයිෆ් හසන් 25/2, ඉබාදත් හොසේන් 26/2)

-036

 


අදහස් (0)

බංග්ලාදේශ ‘ඒ’ පිල එක්දින තරගාවලිය ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.