Last Update  :  2024-03-29 19:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බංග්ලාදේශ යොවුන් පිලට ලකුණු 161 ක දැවැන්ත ජයක්

බංග්ලාදේශ යොවුන් පිලට ලකුණු 161 ක දැවැන්ත ජයක්

editorial - 2019 නොවැ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තව්හිඩ් රිඩෝයිගේ (නොදැවී 123) විශිෂ්ඨ පිතිහරඹය හේතුවෙන් සංචාරක ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායමට එරෙහිව චට්ටෝග්‍රාම්හිදී අද (14 වැනිදා) පැවැති තෙවැනි නිලනොවන එක්දින තරගයෙන් ලකුණු 161 දැවැන්ත ජයක් හිමිකර ගැනීමට බංග්ලාදේශ වයස 19 න් පහළ කණ්ඩායම සමත්විය. ඒ අනුව තරග 5 කින් සමන්විත නිලනොවන එක්දින තරගාවලිය 2-0 ක් ලෙස තවදුරටත් පෙරමුණ ගැනීමටද බංග්ලාදේශ වයස 19 න් පහළ කණ්ඩායමට හැකිවිය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා යොවුන් පිල පළමුව පන්දුවට පහරදීමට බංග්ලාදේශ යොවුන් පිලට ආරාධනා කළ අතර ඕවර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 340 ක් රැස්කිරීමට ඔව්හු සමත්වූහ.

වේගවත් පිතිහරඹයක නිරතවූ තව්හිඩ් රිඩෝයි පන්දු 98 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 8 ක් සමගින් නොදැවී ලකුණු 123 ක් රැස්කරමින් බංග්ලාදේශ යොවුන් පිල ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට සමත්විය.

තව්හිඞ් රිඩෝයිට අනගි සහයක් ලබාදුන් තන්සිඩ් හසන් (60), හසන් ජෝයි (52) සහ අක්බර් අලී (52) අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූහ. තන්සිඩ් හසන් පන්දු 53 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 60 ක් ද, හසන් ජෝයි පන්දු 64 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 52 ක් සහ අක්බර් අලී පන්දු 43 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 52 ක් ද රැස්කිරීමට සමත්වූහ.

තන්සිඩ් හසන් සහ හසන් ජෝයි එක්ව පළමු කඩුල්ල සඳහා පන්දු 78 කදී ලකුණු 78 ක් සම්බන්ධතාවයක් පැවැත්වීය.

ඉන් පසුව පස්වැනි කඩුල්ල සඳහා පන්දු 89 කදී ලකුණු 107 ක තවත් සම්බන්ධතාවයක් ගොඩනැගීමට තව්හිඩ් රිඩෝයි සහ අක්බර් අලී සමත්වූහ.

ශ්‍රී ලංකා යොවුන් පිලේ නායක නිපුන් ධනංජය පන්දු යවන්නන් 6 දෙනෙකු යොදාගනිමින් පන්දු යැවුවද බංග්ලාදේශ යොවුන් පිලේ පිතිකරුවන් මෙල්ල කිරීමට ඔව්වු අපොහොසත් වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 341 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා යොවුන් පිලට ඕවර 31.2 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 179 ක් පමණි.

ආරම්භක පිතිකරුවන්වූ මොහොමඞ් ශමාස් සහ නවෝද් පරණවිතාන වේගවත් ආරම්භයක් ලබාගනිමින් පළමු කඩුල්ල සඳහා පන්දු 35 කදී ලකුණු 64 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත්වුවද පසුපෙළ පිතිකරුවන්ගේ දුර්වල පිතිහරඹය හේතුවෙන් ශ්‍රී ලංකා ඉනිම කඩා වැටුණේය.

නවෝද් පරණවිතාන පන්දු 32 කදී හතරේ පහර 9 ක් සමගින් ලකුණු 50 ක් රැස්කළ අතර මොහොමඞ් ශමාස් පන්දු 16 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 29 ක් රැස්කළේය. මැදපෙළ පිතිකරු අවිෂ්ක පෙරේරා පන්දු 32 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 30 ක් ලබාගත්තේය.

තන්සිම් හසන් සහ ශොරිෆුල් ඉස්ලාම් කඩුලු 2 බැගින් ද ශමීම් හුසේන්, අවිෂේක් දාස්, රකිබුල් හසන් සහ ශහ්දත් හුසේන් කඩුල්ල බැගින් දවාගනිමින් ශ්‍රී ලංකා යොවුන් ඉනිම සුනුවිසුණු කර දැමීමට සමත්වූහ.

 

බංග්ලාදේශ යොවුන් පිල - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 340
(තන්සිඞ් හසන් 60, හසන් ජෝයි 52, තව්හිඞ් රිඩෝයි නොදැවී 123, අක්බර් අලී 52, ශමීම් හුසේන් 21, දිල්ෂාන් මධුශංක 65/2, කවිඳු නදීෂාන් 66/2)

ශ්‍රී ලංකා යොවුන් පිල - ඕවර 31.2 කදී සියලුදෙනා දැවී 179
(මොහොමඞ් ශමාස් 29, නවෝද් පරණවිතාන 50, අවිෂ්ක පෙරේරා 30, තන්සිම් හසන් 46/2, ශොරිෆුල් ඉස්ලාම් 50/2)

 


අදහස් (0)

බංග්ලාදේශ යොවුන් පිලට ලකුණු 161 ක දැවැන්ත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.