Last Update  :  2024-03-28 18:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බංග්ලාදේශ යොවුන් පිලට කඩුලු 6 ජයක්

බංග්ලාදේශ යොවුන් පිලට කඩුලු 6 ජයක්

editorial - 2019 සැප් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු කුසලාන යොවුන් ක්‍රිකට් තරගාවලිය යටතේ කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී අද (6 වැනිදා) පැවැති සිවුවැනි තරගයේදී එක්සත් අරාබී එමීර් රාජ්‍යයට එරෙහිව කඩුලු 6 ක ජයක් හිමිකර ගැනීමට බංග්ලාදේශය සමත්විය.

ජයග්‍රහණය සදහා ඕවර 45 කදී ලකුණු 128 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ යොවුන් කණ්ඩායම ඕවර 21.3 කදී කඩුලු 4 ක් පමණක් දැවී ඉලක්කය පහසුවෙන් ජය ගැනීමට සමත්විය.

සාර්ථක ආරම්භයක් ලබාගත් තන්සිඞ් හසන් සහ පර්වීස් හුසේන් පළමු කඩුල්ල සඳහා පන්දු 46 කදී ලකුණු 62 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට සමත්වූහ.

තන්සිඞ් හසන් පන්දු 27 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 45 ක් රැස්කළ අතර පර්වීස් හුසේන් පන්දු 33 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 30 ක් ලබාගත්තේය. මහ්මුදුල් හසන් නොදැවී ලකුණු 27 ක් රැස්කරමින් බංග්ලාදේශ යොවුන් පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්විය.
කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ යොවුන් පිල පළමුව පන්දුවට පහරදීම සඳහා එක්සත් අරාබී එමීර් රාජ්‍ය යොවුන් පිලට ආරාධනා කළ අතර ඕවර 28 කදී සියලුදෙනා දැවී ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 127 ක් පමණි.

අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ ඔසාමා හසන් පන්දු 65 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 58 ක් ලබාගත් අතර ඔහුට අනගි සහයක් දැක්වූ අලිෂාන් ශරෆු පන්දු 39 කදි හතරේ පහර 4 ක් සමගින් ලකුණු 34 ක් ලබාගනිමින් එක්සත් අරාබී එමීර් රාජ්‍ය ලකුණු පුවරුව ඉහළ දැමීමට සමත්විය.
ලකුණු 27 කට කඩුලු 5 ක් දැවී තිබියදී හයවැනි කඩුල්ල සඳහා ලකුණු 75 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට ඔසාමා හසන් සහ අලිෂාන් ශරෆු සමත්වූහ. ඔවුන් දෙදෙනාට අමතරව ලකුණු 10 සීමාව පසුකිරීමට කිසිදු පිතිකරුවකුට අවස්ථාව හිමිනොවූහ.

වර්ෂාව හේතුවෙන් තරග ආරම්භය ප්‍රමාදවූ අතර ඕවර 45 කට තරගය සීමාවිය.


එක්සත් අරාබී එමීර් රාජ්‍ය යොවුන් පිල - ඕවර 28 කදී සියලුදෙනා දැවී 127
(අලිෂාන් ශරෆු 34, ඔසාමා හසන් 58, රකිබුල් හසන් 25/3, තන්සිම් හසන් 36/3, ශොරිෆුල් ඉස්ලාම් 16/2)

බංග්ලාදේශ යොවුන් පිල - ඕවර 21.3 කදී කඩුලු 4 ක් දැවී 128
(තන්සිඞ් හසන් 45, පර්වීස් හුසේන් 30, මහ්මුදුල් හසන් නොදැවී 27, රිෂාබ් මුකර්ජී 27/2)

...


අදහස් (0)

බංග්ලාදේශ යොවුන් පිලට කඩුලු 6 ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.