Last Update  :  2024-04-16 15:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බංග්ලාදේශ යොවුන් පිලට කඩුලු 5 ක ජයක්

බංග්ලාදේශ යොවුන් පිලට කඩුලු 5 ක ජයක්

editorial - 2019 නොවැ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තව්හිඞ් රිඩෝයිගේ (115) ශතකය හමුවේ සංචාරක ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායමට එරෙහිව චට්ටෝග්‍රාම්හිදී අද (17 වැනිදා) පැවැති සිව්වැනි නිලනොවන එක්දින තරගයෙන් කඩුලු 5 ක ජයක් හිමිකර ගැනීමට බංග්ලාදේශ වයස 19 න් පහළ කණ්ඩායම සමත්විය. ඒ අනුව තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරග 5 කින් සමන්විත නිලනොවන එක්දින තරගාවලිය 3-0 ක් ලෙස ජය ගැනීමට බංග්ලාදේශ වයස 19 න් පහළ කණ්ඩායමට හැකිවිය.

ජයග්‍රහණය සඳහා ලකුණු 261 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ යොවුන් පිල ඕවර 47.2 කදී කඩුලු 5 ක් දැවී ඉලක්කය පහසුවෙන් පසුකිරීමට සමත්විය.

තරගාවලියේ පිට පිට ලබාගත් දෙවැනි ශතකයත් සමගින් බංග්ලාදේශ යොවුන් පිලට තරගාවලි ජයග්‍රහණයක් ලබාදීමට සමත්වූ තව්හිඞ් රිඩෝයි පන්දු 120 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 9 ක් සමගින් ලකුණු 115 ක් රැස්කළේය. පන්දු 60 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 66 ක් රැස්කළ අක්බර් අලී බංග්ලාදේශ යොවුන් පිලේ ජයග්‍රහණය සඳහා රිඩෝයිට අනගි සහයක් ලබාදුන්නේය.

පස්වැනි කඩුල්ල සඳහා පන්දු 99 කදී ලකුණු 100 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමටද තව්හිඞ් රිඩෝයි සහ අක්බර් අලී සමත්වූහ.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා යොවුන් පිල ඕවර 50 අවසානයේදී කඩුලු 7 ක් දැවී ලකුණු 260 ක් රැස්කිරීමට සමත්විය. එහිදී මුල් පෙළ පිතිකරුවන් හත්දෙනාම ලකුණු 25 සීමාව පසුකිරීමට සමත්වීම කැපී පෙනුණි.

ඉනිම අවසන් වනතෙක් කඩුල්ලේ රැඳී සිටි සොනාල් දිනූෂ පන්දු 52 කදී හතරේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 43 ක් රැස්කරමින් ශ්‍රී ලංකා යොවුන් පිල වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්විය. තවීෂ කහඳූවආරච්චී ලකුණු 37 ක් ද, මොහොමඞ් ශමාස් ලකුණු 34 ක් සහ නවෝද් පරණවිතාන ලකුණු 31 ක් රැස්කරමින් ශ්‍රී ලංකා යොවුන් පිල ලකුණු 250 සීමාවෙන් ඔබ්බට රැගෙන යාමට සමත්වූහ.

නවෝද් පරණවිතාන සහ මොහොමඞ් ශමාස් එක්ව පළමු කඩුල්ල සඳහා පන්දු 55 කදී ලකුණු 69 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ අතර සිව්වැනි කඩුල්ල සඳහා පන්දු 56 කදී ලකුණු 51 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට තවීෂ කහඳූවආරච්චී සහ නිපුන් ධනංජය සමත්වූහ. ඊට අමතරව 6 වැනි කඩුල්ල සඳහා පන්දු 72 කදී තවත් ලකුණු 56 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සොනාල් දිනූෂ සහ චමිඳු විජේසිංහ සමත්වූහ.

ටන්සිම් හසන් සිය ඕවර 10 ලකුණු 54 කට සීමාකරමින් කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


ශ්‍රී ලංකා යොවුන් පිල - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 260
(නවෝද් පරණවිතාන 31, මොහොමඞ් ශමාස් 34, තවීෂ කහඳූවආරච්චී 37, රවිඳු රසාන්ත 25, නිපුන් ධනංජය 27, සොනාල් දිනූෂ නොදැවී 43, චමිඳු විජේසිංහ 29, ටන්සිම් හසන් 54/3)

බංග්ලාදේශ යොවුන් පිල - ඕවර 47.2 කදී කඩුලු 5 ක් දැවී 265
(ටන්සිඞ් හසන් 26, තව්හිඞ් රිඩෝයි 115, ශහදත් හුසේන් 23, අක්බර් අලී නොදැවී 66, අම්ෂි ද සිල්වා 55/2)

...


අදහස් (0)

බංග්ලාදේශ යොවුන් පිලට කඩුලු 5 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.