Last Update  :  2024-04-19 17:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බංග්ලාදේශ යොවුන් පිලට කඩුලු 5 ක ජයක්

බංග්ලාදේශ යොවුන් පිලට කඩුලු 5 ක ජයක්

editorial - 2019 නොවැ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායමට එරෙහිව කුල්නාහිදී අද (11 වැනිදා) පැවැති දෙවැනි නිලනොවන එක්දින තරගයෙන් කඩුලු 5 ක ජයක් හිමිකර ගැනීමට බංග්ලාදේශ වයස 19 න් පහළ කණ්ඩායම සමත්විය. ඒ අනුව තරග 5 කින් සමන්විත නිලනොවන එක්දින තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද බංග්ලාදේශ වයස 19 න් පහළ කණ්ඩායමට හැකිවිය.

ජයග්‍රහණය සඳහා ඕවර 31 කදි ලකුණු 210 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ යොවුන් පිල ඕවර 25.4 කදී කඩුලු 5 ක් පමණක් දැවී ඉලක්කය පහසුවෙන් ජයගැනීමට සමත්විය.

ශමීම් හුසේන් ලකුණු 95 කට දවාගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූ අතර තව්හිඞ් රිඩෝයි නොදැවී ලකුණු 82 ක් රැස්කරමින් බංග්ලාදේශ යොවුන් පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්විය.

පස්වැනි කඩුල්ල සඳහා පන්දු 106 කදී ලකුණු 161 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් බංග්ලාදේශ යොවුන් පිලේ ජයග්‍රහණයට අඩිතාලම දැමීමට ශමීම් හුසේන් සහ තව්හිඞ් රිඩෝයි සමත්වූහ.

අම්ෂී ද සිල්වා ලකුණු 19 කට කඩුලු 3 ක් දවාගැනීමට සමත්විය.

කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ යොවුන් පිල පළමුව පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා යොවුන් පිලට ආරාධනා කළ අතර නියමිත ඕවර 31 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 209 ක් රැස්කිරීමට ඔවුන් සමත්වූහ. උදෑසන පැවැති වර්ෂාව හේතුවෙන් තරග ආරම්භය පමාවූ අතර තරගය ඕවර 31 කට සීමාවිය.

අර්ධ ශතකයක් (78) ක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ නවෝද් පරණවිතාන පන්දු 75 කට මුහුණදුන් අතර හයේ පහරක් සහ හතරේ පහර 9 ක් ඔහුගේ ඉනිමට ඇතුළත් විය.

නවෝද් පරණවිතානට අනගි සහයක් දැක්වූ සොනාල් දිනූෂ පන්දු 34 කදී හතරේ පහර 2 ක් සමගින් ලකුණු 41 ක් ද, රවිඳු රසාන්ත පන්දු 22 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 33 ක් සහ චමිඳු පියුමාල් පන්දු 20 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගින් නොදැවී ලකුණු 30 ක් රැස්කරමින් ශ්‍රී ලංකා යොවුන් පිල ලකුණු 200 සීමාවෙන් ඔබ්බට රැගෙන යාමට සමත්වූහ.

රකිබුල් හසන් සහ ශමීම් හුසේන් කඩුලු 2 බැගින් දවාගැනීමට සමත්වූහ.

 

ශ්‍රී ලංකා යොවුන් පිල - ඕවර 31 කදී කඩුලු 7 ක් දැවී 209
(නවෝද් පරණවිතාන 78, සොනාල් දිනූෂ 41, රවිඳු රසාන්ත 33, චමිඳු පියුමාල් 30, රකිබුල් හසන් 37/2, ශමීම් හුසේන් 41/2)

බංග්ලාදේශ යොවුන් පිල - ඕවර 25.4 කදී කඩුලු 5 ක් දැවී 210
(ශමීම් හුසේන් 95, තව්හිඞ් රිඩෝයි නොදැවී 82, අම්ෂී ද සිල්වා 19/3)

...


අදහස් (0)

බංග්ලාදේශ යොවුන් පිලට කඩුලු 5 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.