Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බංග්ලාදේශ පළමු ඉනිම 233 කට සීමා වෙයි

බංග්ලාදේශ පළමු ඉනිම 233 කට සීමා වෙයි

editorial - 2020 පෙබ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර රාවල්පිණ්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම, පළමු දිනය වූ අද (7 වැනිදා) සියලු දෙනා දැවී ලකුණු 233 ක් ලබා ගත්තේය.

මුලු ලකුණු සංඛ්‍යාව 3 ක්ව තිබියදී බංග්ලාදේශ කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට පාකිස්තාන වේග පන්දු යවන්නෝ සමත් වූහ. ඉන් අනතුරුව පිටියේ එක්වූ නායක මොමිනුල් හක් (30) සහ නජ්මුල් හොසේන් (44) තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 59 ක සම්බන්ධතාවක් ගොඩනගමින් බංග්ලාදේශ ඉනිමට නව ජවයක් එක් කළහ.

ශහීන් අෆ්රිඩිගේ පන්දුවක් හමුවේ මොහොමඩ් රිස්වාන් අතට උඩ පන්දුවක් දෙමින් මොමිනුල් දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් වූ අතර එතැන් පටන් තවත් ලකුණු 45 ක් ඇතුළත නජ්මුල් සහ මහමදුල්ලා රියාද් (25) ද දැවී යෑම බංග්ලාදේශ කණ්ඩායමට විශාල පාඩුවක් විය.

කෙසේ වුවත් හත්වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි ලිටන් දාස් (33) සමග එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 54 ක සම්බන්ධතාවක් ගොඩනැගූ මොහොමඞ් මිතුන් (63), ඉන් නොනැවතී තයිජුල් ඉස්ලාම් (24) සමග එක්ව හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 53 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් බංග්ලාදේශ ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.

මිතුන්ගේ දෙවැනි ටෙස්ට් අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 7 කින් සමන්විත වූ අතර නජ්මුල් හතරේ පහර 6 ක් සමගින්ද, මොමිනුල් හතරේ පහර 5 ක් සමගින්ද, දාස් හතරේ පහර 7 ක් සමගින්ද, මහමදුල්ලා හතරේ පහර 4 ක් සමගින්ද ලකුණු රැස්කළහ.
දක්ෂ පන්දු යැවීමක නිතර වූ ශහීන් අෆ්රිඩි ලකුණු 54 කට කඩුලු 4 ක් දවාගැනීමට සමත් වූ අතර බංග්ලාදේශ පිතිකරුවන් අසරණ කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් හාරිස් සොහේල් සහ මොහොමඞ් අබ්බාස් කඩුලු 2 බැගින් බිඳහෙළුහ.


බංග්ලාදේශ පළමු ඉනිම - සියලු දෙනා දැවී 233
(නජ්මුල් හොසේන් 44, මොමිනුල් හක් 30, මහමදුල්ලා රියාද් 25, මොහොමඞ් මිතුන් 63, ලිටන් දාස් 33, තයිජුල් ඉස්ලාම් 24, ශහීන් අෆ්රිඩි 53/4, හාරිස් සොහේල් 11/2, මොහොමඞ් අබ්බාස් 19/2)

- 036


අදහස් (0)

බංග්ලාදේශ පළමු ඉනිම 233 කට සීමා වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.