Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බංග්ලාදේශ පළමු ඉනිම 150 කට සීමා වෙයි

බංග්ලාදේශ පළමු ඉනිම 150 කට සීමා වෙයි

editorial - 2019 නොවැ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාව සහ බංග්ලාදේශය අතර ඉන්දෝර්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය වූ අද (14 වැනිදා) බංග්ලාදේශ පළමු ඉනිම ලකුණු 150 කට සීමා කිරීමට මොහොමඞ් සාමි ප්‍රමුඛ ඉන්දීය පන්දු යවන්නෝ සමත් වූහ.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ සාමි ලකුණු 27 කට කඩුලු 3 ක් දවාගනිමින් බංග්ලාදේශ මැද පෙළ බිඳ දැමූ අතර බංග්ලාදේශ ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් ඉෂාන්ත් ශර්මා, උමේෂ් යාදව් සහ රවිචන්ද්‍රන් අෂ්වින් කඩුලු 2 බැගින් දවාගත්හ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායමේ මුල් කඩුලු 3 ලකුණු 31 ක් තුළ බිඳ වැටුණ අතර නායක මොමිනුල් හක් (37) සහ මුෂ්ෆිකුර් රහීම් (43) එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 68 ක සම්බන්ධතාවක් ගොඩනැගූහ. මොමිනුල් හතරේ පහර 6 ක් සමගින්ද, මුෂ්ෆිකුර් හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින්ද ලකුණු රැස්කළහ.

රවිචන්ද්‍රන් අෂ්වින්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් මොමිනුල් දැවී යෑමත් සමග බංග්ලාදේශ කණ්ඩායමේ කඩාවැටීම ආරම්භ විය. එතැන් පටන් ලකුණු 51 ක් තුළ බංග්ලාදේශ කණ්ඩායමේ සෙසු කඩුලු 6 ම බිඳවැටුණ අතර එහිදී ලකුණු 10 සීමාව පසුකර යෑමට හැකි වූයේ ලිටන් දාස්ට (21) පමණි.

පළමු දිනය සඳහා තරගය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුල්ලක් දැවී ලකුණු 86 ක් ලබා සිටියේය. අද දිනයේදී ඉන්දීය කණ්ඩායමේ බිඳවැටුණ එකම කඩුල්ල බවට පත්වූ රෝහිත් ශර්මා, ලකුණු 6 ක් ලබා සිටියදී අබූ ජයේද්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක ලිටන් දාස් අතට උඩ පන්දුවක් දෙමින් දැවී ගියේය.

පළමු දිනය අවසානයේ ඉන්දීය කණ්ඩායම කඩුලු 9 ක් අතැතිව බංග්ලාදේශයට වඩා තවත් ලකුණු 64 ක් පසුපසින් සිටි අතර දිනය නිමාවන විට ආරම්භක පිතිකරු මායන්ක් අගර්වාල් හතරේ පහර 6 ක් සමග ලකුණු 37 ක්ද, චෙතේෂ්වර් පුජාරා හතරේ පහර 7 ක් සමග ලකුණු 43 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. හෙට (15 වැනිදා) තරගයේ දෙවැනි දිනයයි.


බංග්ලාදේශ පළමු ඉනිම - සියලු දෙනා දැවී 150
(මොමිනුල් හක් 37, මුෂ්ෆිකුර් රහීම් 43, ලිටන් දාස් 21, මොහොමඞ් සාමි 27/3, ඉෂාන්ත් ශර්මා 20/2, රවිචන්ද්‍රන් අෂ්වින් 43/2, උමේෂ් යාදව් 47/2)

ඉන්දීය පළමු ඉනිම - කඩුල්ලක් දැවී 86
(මායන්ක් අගර්වාල් නොදැවී 37, චෙතේෂ්වර් පුජාරා නොදැවී 43)

-036

 


අදහස් (0)

බංග්ලාදේශ පළමු ඉනිම 150 කට සීමා වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.