Last Update  :  2024-03-29 19:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බංග්ලාදේශ නායකත්වය තවදුරටත් මොටාසාට

බංග්ලාදේශ නායකත්වය තවදුරටත් මොටාසාට

editorial - 2019 ජුලි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද බංග්ලාදේශ සංචිතයේ නායකත්වය මෂ්රෆී මොටාසාටම ලබා දීමට එරට ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

ලෝක කුසලාන තරගාවලියේ 8 වැනි ස්ථානයට පත්වීම හේතුවෙන් බංග්ලාදේශ කණ්ඩායමේ නායකත්වයේ වෙනසක් සිදු වේවි යැයි බොහෝ ක්‍රිකට් විචාරකයන් මත පළ කළද, තවදුරටත් නායකත්වයේ වගකීම මොටාසාටම පැවරීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

ලෝක කුසලාන තරගාවලියේදී ලකුණු 606 ක් රැස්කරමින් සහ කඩුලු 11 ක් දවාගනිමින් කැපී පෙනෙන දස්කම් දැකවූ තුන් ඉරියව් ක්‍රීඩක සකීබ් අල් හසන්ට බංග්ලාදේශ ක්‍රිකට් තේරීම් කමිටුව මෙම තරගාවලියේදී විවේකයක් ලබාදී ඇත.

ඔහුට අමතරව සිය විවාහ මංගල්‍යය වෙනුවෙන් නිවාඩු ඉල්ලා සිටි ලිටන් දාස්ටද ඒ සඳහා ඉඩ හසර සලසා දී ඇති බංග්ලාදේශ ක්‍රිකට් කමිටුව, ලෝක කුසලාන සංචිතයේ සිටි අබු ජයේද් ශ්‍රී ලංකා සංචාරයෙන් ඉවත් කර ඇත.

ශ්‍රී ලංකා සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර තරග තුන මේ මස 26, 28 සහ 31 යන දිනවලදී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

බංග්ලාදේශ සංචිතය
මෂ්රෆී මොටාසා (නායක), ටමීම් ඉක්බාල්, සෞම්‍ය සාකර්, මුෂ්ෆිකුර් රහීම්, මහමදුල්ලා රියාද්, මොහොමඞ් මිතුන්, මොසද්දික් හොසේන්, සබීර් රෙහෙමාන්, රුබෙල් හුසේන්, මුස්තෆිසුර් රෙහෙමාන්, එනමුල් හක්, මෙහෙදි හසන්, මොහොමඞ් ශයිෆුඩීන් සහ තයිජුල් ඉස්ලාම්

-036

 


අදහස් (0)

බංග්ලාදේශ නායකත්වය තවදුරටත් මොටාසාට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.