Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බංග්ලාදේශ ඉනිම ආරම්භයේදීම කඩා වැටෙයි

බංග්ලාදේශ ඉනිම ආරම්භයේදීම කඩා වැටෙයි

editorial - 2019 නොවැ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර කොල්කටාහි ඊඩ්න් ගාඩ්න්ස්හිදී අද (22 වැනිදා) ආරම්භවූ දෙවැනි ටෙස්ට් තරගයේ (දිවා/රාත්‍රී) තේ පානය සඳහා නතර කරනවිට කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය ලකුණු 73 කට කඩුලු 6 ක් අහිමිකර ගනිමින් ඉතා තත්වයක පසුවිය. මෙම තරගය අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් සංවිධානය කරන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය යටතේ පැවැත්වෙන තරගයකි.

බංග්ලාදේශ ඉනිමට ලකුණු 15 ක් එක්වනවිට පළමු කඩුල්ල ලෙස ඉම්රුල් කයිස් ලකුණු 4 කට දවාගැනීමට ඉශාන්ත් ශර්මා සමත්වූ අතර 10 වැනි ඕවරයේ පළමු සහ තෙවැනි පන්දු වලදී මොමිනුල් හක් සහ මොහොමඞ් මිතුන් ලකුණු ලබාගැනීමට පෙරම පිටියෙන් ඉවත් කිරීමට උමේෂ් යාදව් සමත්විය.

ලකුණු පුවරුව 26 ක් වනවිට මොහොමඞ් ශාමීගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් සිවුවැනි කඩුල්ල ලෙස මුෂ්ෆිකූර් රහීම් ලකුණු නොලබාම දැවී ගියේය.

උමේෂ් යාදව්ගේ පන්දුවකට රිද්දිමාන් සාහා අතට උඩපන්දුවක් දෙමින් ආරම්භක පිතිකරු ශද්මන් ඉස්ලාම් පස්වැනි කඩුල්ල ලෙස ලකුණු 29 කට දැවී ගිය අතර ඉශාන්ත් ශර්මාගේ පන්දුවක් හමුවේ මහ්මුදුල්ලා ලකුණු 6 කට දැවීයන විට බංග්ලාදේශ ලකුණු පුවරුව කඩුලු 6 කට ලකුණු 60 ක් විය.

ඉශාන්ත් ශර්මාගේ පන්දුවක් හිසේ වැදීම හේතුවෙන් ලකුණු 24 ක් ලබාසිටි ලිටන් දාස්ට පිටියෙන් ඉවත්වීමට සිදුවූ අතර ඒ සමගින් තේ පානය සඳහා තරගය නතර කිරීමට විනිසුරුවන් තීරණය කළහ.

උමේෂ් යාදව් කඩුලු 3 ක් සහ ඉශාන්ත් ශර්මා කඩුලු 2 ක් දවාගනිමින් බංග්ලාදේශ පළමු ඉනිම අඩපණ කිරීමට සමත්වූහ.


බංග්ලාදේශ පළමු ඉනිම - කඩුලු 6 ක් දැවී 73
(ශද්මන් ඉස්ලාම් 29, ලිටන් දාස් නොදැවී 24, උමේෂ් යාදව් 29/3, ඉශාන්ත් ශර්මා 11/2)

...


අදහස් (0)

බංග්ලාදේශ ඉනිම ආරම්භයේදීම කඩා වැටෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.