Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගීවන බටහිර ඉන්දීය කොදෙව් සංචිතය ඊයේ (24 වැනිදා) ප්‍රකාශයට පත්කළ අතර එහිදී කිරන් පොලාඞ්ට සහ මාලන් සැමුවෙල්ට ලෝක කුසලාන සංචිතයේ ස්ථානයක් හිමිනොවූහ. ජේසන් හෝල්ඩර් කොදෙව් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරයි.
2015 ලෝක කුසලාන සංචිතයට නම්කර සිටි ජේසන් හෝල්ඩර්, ෂෙල්ඩන් කොට්්‍රල්, ක්‍රිස් ගේල්, කෙමාර් රෝච්, ඇන්ඩි්‍ර රසල්, ඩැරන් බ්‍රාවෝ මෙවර සංචිතයටද නම්කර ඇත.
39 වියේ පසුවන ක්‍රිස් ගේල් මෙවර පස්වැනි ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගිවීමට නියමිතව ඇත.
ෆාබියන් ඇලන්, කාලෝස් බ්‍රැත්වේට්, ශැනන් ගේබි්‍රයල්, ශිම්රන් හෙට්මයර්, ෂායි හෝප්, රවින් ලෙවිස්, ඈෂ්ලී නර්ස්, නිකොලස් පූරන්, ඔෂේන් තෝමස් මෙවර ලෝක කුසලාන සංචිතයට එක්කර ගැනීමට තේරීම් කමිටුව පියවර ගත්තේය.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මැයි 31 වැනිදා නොටින්හැම්හිදී පාකිස්තානයට එරෙහිව පළමු තරගයට මුහුණදීමට නියමිතව ඇත.
බටහිර ඉන්දීය කොදෙව් සංචිතය
ජේසන් හෝල්ඩර් (නායක), ෂෙල්ඩන් කොට්්‍රල්, ක්‍රිස් ගේල්, කෙමාර් රෝච්, ඇන්ඩි්‍ර රසල්, ඩැරන් බ්‍රාවෝ, ෆාබියන් ඇලන්, කාලෝස් බ්‍රැත්වේට්, ශැනන් ගේබි්‍රයල්, ශිම්රන් හෙට්මයර්, ෂායි හෝප්, රවින් ලෙවිස්, ඈෂ්ලී නර්ස්, නිකොලස් පූරන්, ඔෂේන් තෝමස්.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.