Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පොලාඩ් - භානුක ග්ලැඩියේටර්ස් පිල දිනවති

පොලාඩ් - භානුක ග්ලැඩියේටර්ස් පිල දිනවති

editorial - 2019 නොවැ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන දහයයි10 ලීග් ක්‍රිකට් තරගාවලියේ කර්නාටක ටස්කර්ස් කණ්ඩායම සහ ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර ඊයේ (18 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 5 ක ජයක් අත්කර ගැනීමට ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 111 ක ඉලක්කයක් හඹාගිය ග්ලැඩියේටර්ස් ක්‍රීඩකයෝ පන්දු 9 ක් ඉතිරිව තිබියදී කඩුලු 5 ක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. ලකුණු 34 කට කඩුලු 4 ක් බිඳවැටී තිබියදී පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 17 කදී ලකුණු 68 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගූ කිරන් පොලාඞ් (නොදැවී 45) සහ භානුක රාජපක්ෂ (27) ග්ලැඩියේටර්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ.

එහිදී පන්දු 22 කට මුහුණදුන් පොලාඞ් හයේ පහර 4 ක් සහ හතරේ පහරක් සමගින් ලකුණු රැස්කළ අතර පන්දු 7 කදී වාර්තා වූ භානුකගේ ඉනිම හයේ පහර 3 කින් සහ හතරේ පහර 2 කින් සමන්විත විය. ආරම්භක පිතිකරු මොහොමඞ් ශේෂාඞ් පන්දු 8 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 13 ක් රැස් කළේය.

ශපූර් සද්රාන් ලකුණු 18 කට කඩුලු 2 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත වූ අතර ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නායක ෂේන් වොට්සන් මුහුණදුන් පළමු පන්දුවේදීම දැවී ගියේ මාලින්ද පුෂ්පකුමාරගේ පන්දුවක් හමුවේ ශෆිකුල්ලා ශෆීක් අතට උඩ පන්දුවක් දෙමිනි.

පළමුවෙන් පන්දුවට පහරදුන් කර්නාටක ටස්කර්ස් කණ්ඩායම ඕවර 10 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 110 ක් ලබා ගත්තේය. ආරම්භක පිතිකරුවන් වූ ජොන්සන් චාල්ස් පන්දු 18 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 35 ක්ද, එවින් ලුවිස් පන්දු 14 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 23 ක්ද රැස්කරමින් ටස්කර්ස් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ.

හෂීම් අම්ලා පන්දු 19 කදී හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 32 ක්ද, රොස් වයිට්ලි පන්දු 7 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 13 ක්ද රැස්කරමින් ටස්කර්ස් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ. ටස්කර්ස් ඉනිම නිමාවන විට උපුල් තරංග පන්දු 3 කදී එක් ලකුණක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියේය.

කර්නාටක ටස්කර්ස් පිල - ඕවර 10 කදී කඩුලු 3 ක් දැවී 110
(ජොන්සන් චාල්ස් 35, එවින් ලුවිස් 23, හෂීම් අම්ලා නොදැවී 32, රොස් වයිට්ලි 13)

ඩෙකෑන් ග්ලැඩියේටර්ස් පිල - ඕවර 10 කදී කඩුලු 5 ක් දැවී 111
(මොහොමඞ් ශේෂාඩ් 13, කිරන් පොලාඩ් නොදැවී 45, භානුක රාජපක්ෂ 27, ශපූර් සද්රාන් 18/2)

-036


අදහස් (0)

පොලාඩ් - භානුක ග්ලැඩියේටර්ස් පිල දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.